Passport එක ගන්න කළින් , අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ මෙන්න
Tuesday, 04 June 2024 - 13:52 | Views - 328
පුද්ගල අනන්‍යතාව හඳුනාගත නොහැකි අපැහැදිලි ජාතික හැඳුනුම්පත් සඳහා ගුවන් ගමන් බලපත්‍ර නිකුත් නොකිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
ගුවන් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සඳහා අයැදුම්කරුගේ අයැදුම්පත්‍රය, මාස හයකට වලංගු කාලයක පවතින වර්ණ ඡායාරූපය, ජාතික හැඳුනුම්පත, උප්පැන්න සහතිකය අනිවාර්යෙන්ම ඉදිරිපත් කළ යුතු අතර බොහෝ අයැදුම්කරුවන් විසින් ඉදිරිපත් කරන මෑතකදී ගත් වර්ණ ඡායාරූපයත්, ජාතික හැඳුනුම්පතත් අනුව ඒ අයැදුම්කරු නියම අයැදුම්කරු යැයි හඳුනාගත නොහැකි මට්ටමක පවතින බවයි ආගමන විගමන පාලක ජනරාල්වරයා පවසන්නේ.
මේ අනුව, එවැනි හඳුනාගත නොහැකි ඡායාරූප සහ අංක හා අක්ෂර මැකී ගිය ජාතික හැඳුනුම්පත් හිමි පුද්ගලයන් ගුවන් ගමන් බලපත්‍රය අයැදුම් කිරීමට පළමුව ජාතික හැඳුනුම්පත සකස් කර ගැනීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු වනවා.
කෙසේ වෙතත්, පැහැදිලි අනන්‍යතාවක් සහිත ජාතික හැඳුනුම්පතක් ගුවන් ගමන් බලපත්‍ර අයැදුම් කිරීමේදී ඉදිරිපත් කරන ලෙසයි ආගමන විගමන පාලක ජනරාල්වරයා ඉල්ලා සිටින්නේ.
Share This Article