LAUGFS ගෑස් මිල , ලිට්රෝ පරදා පහළට.. (Video)
Tuesday, 04 June 2024 - 12:56 | Views - 740
LAUGFS සමාගම ද සිය ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබෙනවා.
ඒ අනුව, 12.5kg සිලින්ඩරයක නව මිල රුපියල් 160කින් අඩු කර ඇති අතර, නව මිල සඳහන් වන්නේ රුපියල් 3680ක් ලෙසයි.
මේ අතර, 5kg සිලින්ඩරය රුපියල් 65කින් අඩු කර ඇති අතර එහි නව මිල සඳහන් වන්නේ 1477 ලෙසයි.
එසේම, සමස්ථයක් ලෙස ගත්විට ලිට්රෝ සමාගමටත් වඩා පහළින් ලාෆ්ස් ගෑස් මිල තබා ගැනීමටයි එම සමාගම තීරණය කර ඇත්තේ.
Share This Article