" ප්‍රතිඵල සමාජ මාධ්‍යවලට දාන්න එපා.." උසස් පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක්.. (Video)
මෙවර උසස් පෙළ කඩයිම සාර්ථකව ජයගත් බොහෝ දරුවන් පිරිසක් අද වෙනකොට ඉන්නේ ගොඩක් සතුටෙන් ඒ නිසාම ඔවුන් මේ ලබපු සතුට සමාජමාධ්යවලින් බෙදාගන්නත් කටයුතු කරලා තිබුණා..
ඉතින් මේ කියන්න යන්නේ අන්න ඒ වගේ සතුට බෙදාගත්ත ඔබ දැනගත යුතුම දෙයක්..
උසස්පෙළ ප්‍රතිඵල සමාජ මාධ්‍යයන්හි ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්යය සම්පත් අමරතුංග පවසනවා..
සභාපතිවරයා මේ පිළිබඳව සඳහන් කර සිටියේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමෙන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින්..
එහිදී වැඩිදුරටත් සඳහස් දැක් වූ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්යය සම්පත් අමරතුංග,
බොහෝ දරුවෝ අපි දකිනවා තමන්ගේ ප්‍රතිඵල ලබා ගත් විභාග දෙපාර්තමෙන්තුවේ ලේඛණය තමන්ගේ මුහුණු පොතේ ප්‍රකාශ කරනවා. ඒක කළ යුතු නැති දෙයක් ඔනම කෙනෙකුට ඒ විභාග අංකයෙන් වෙන කෙනෙකුගේ අයදුම්පතේ, වෙන කෙනෙකුගේ ජාතික හැදුනුම් පතේ අංකය දන්නවා නම් ඒ ඇප්ලිකේෂන් එකට පිරෙව්වොත් එහෙම, අදාළ දරුවට දෙවැනි අවස්ථාවක් එන්නැ ආයේ මේක පුරවන්න. එහෙම වුණොත් විශාල කාල පරාසයකින් පස්සේ තමයි සමස්ත පරිඝණක ක්‍රියාවලියම වෙනස් කරලා කමයි නීත්‍යානුකූල අයිතිකරුට මේ ප්රවේශට ලබා ගන්න සුළුවන් වෙන්නේ එහෙම වුෂයෙක් ප්‍රතිපාදන කොමිනේ සභාව ඒ ළමයි ගැන බලා ගන්නවා බියක් ඇති කර ගත යුතු නැහැ නමුත් වැලක් සිටින ලෙස ඉල්ලනවා කමන්ගේ x අංකය මුහුණු පොතේ හෝ සමාජ මාධ්‍යයේ පළ කිරීමෙන් වලකින ලෙසයි..