වාහන ආනයනය කළොත් , මිල වෙනස් වෙනවා ද ? (Video)
Friday, 31 May 2024 - 14:37 | Views - 497
වාහනයක් මිලදී ගන්න කවුද අකමැති ?
හැබැයි වාහන ආනයනය කළත් මිලෙහි වෙනසක් සිදු වෙයිද ? මේ ඒ ගැන අලුත්ම හෙළිදරව්වක්..
ඉදිරියේදී වාහන ආනයනය සිදු කළද වාහන මිලෙහි සැලකිය යුතු අඩුවීමක් අපේක්ෂා කළ නොහැකි බව ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
එම සංගමය පෙන්වා දෙන්නේ, වාහන ආනයන සීමා ලිහිල් කරන බව පැවසුවද ආනයනය කරන නිශ්චිත දිනයක් මේ දක්වා ප්රකාශයට පත් කර නොමැති බවයි.
සියලු වාහන ආනයන සීමා එකවර ලිහිල් නොකර, කාණ්ඩ 04ක් යටතේ වාහන ආනයනය සිදුකිරීම සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇති අතර , වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධ වාර්තාවක් වාහන ආනයනකරුවන්ගෙන් නුදුරේදීම ලබා ගැනීමටද නියමිතයි.
Share This Article