මෙන්න ඔයාලටත් රත්තරන් පණිවුඩයක්..
Friday, 31 May 2024 - 13:49 | Views - 515
අද (31) දිනයේ වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 709,903ක් ලෙසයි.
එය ඊයේ (30) දිනයට සාපේක්ෂව බලන විට රුපියල් 4,635ක වැඩිවීමක් .
ඒ අනුව, කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 25,050ක් ලෙස සඳහන්.
එසේම, කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින්, රුපියල් 22,970ක් සහ රුපියල් 21,920ක් ලෙසයි සඳහන් වුණේ.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල රුපියල් 200,350ක් ලෙස ද ,
කැරට් 22 පවුමක් රුපියල් 183,700ක් මෙන්ම, කැරට් 21 පවුමක මිල රුපියල් 175,350ක් ලෙස ද සඳහන් වුණා.
Share This Article