මංගල ගමනට ගිය ඇයට , දෑවැද්දට ගෙනියන්න ලැබුණු පත්වීම
Friday, 31 May 2024 - 11:37 | Views - 341
උපාධිධාරීන්ට ගුරු පත්වීම් ලබා දීමේ උත්සවයට මනමාලියක ද පැමිණ තම ගුරු පත්වීමට අදාළ ලිපිය ලබා ගත් පුවතක් හම්බන්තොට දිස්ත්රික්කයෙන් වාර්තා වෙනවා.
අම්බලන්තොට ප්රදේශයේ දිලිණි මධුෂිකා නම් මනාලිය මෙලෙස ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ අතින් තම පත්වීම ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඇය සඳහන් කර සිටියේ තමා මනාලියක වූ දිනයේම ගුරු පත්වීමක් ද ලැබීම කිසිදා අමතක නොවන සිදුවීමක් වන බවයි.
හම්බන්තොට දිස්ත්රික්කයේ උපාධිධාරීන් 375 දෙනකුට ගුරු පත්වීම් ලබා දීමේ උත්සවය දකුණු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ ප්රධානත්වයෙන් තංගල්ල නගර ශාලා ශ්රවනාගාරයේදී ඊයේ (30) පැවැත්වුණා.
Share This Article