මංගල ගමනට ගිය ඇයට , දෑවැද්දට ගෙනියන්න ලැබුණු පත්වීම
Friday, 31 May 2024 - 11:37 | Views - 342
උපාධිධාරීන්ට ගුරු පත්වීම් ලබා දීමේ උත්සවයට මනමාලියක ද පැමිණ තම ගුරු පත්වීමට අදාළ ලිපිය ලබා ගත් පුවතක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙනවා.

අම්බලන්තොට ප්‍රදේශයේ දිලිණි මධුෂිකා නම් මනාලිය මෙලෙස ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ අතින් තම පත්වීම ලබා ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඇය සඳහන් කර සිටියේ තමා මනාලියක වූ දිනයේම ගුරු පත්වීමක් ද ලැබීම කිසිදා අමතක නොවන සිදුවීමක් වන බවයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ උපාධිධාරීන් 375 දෙනකුට ගුරු පත්වීම් ලබා දීමේ උත්සවය දකුණු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් තංගල්ල නගර ශාලා ශ්‍රවනාගාරයේදී ඊයේ (30) පැවැත්වුණා. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top