තවත් ප්‍රබල සූර්ය කුණාටුවක් , වේගයෙන් පෘථිවිය දෙසට ?
Thursday, 30 May 2024 - 15:55 | Views - 555
සූර්ය කුණාටු සහ ඒවායේ ප්‍රතිඵලයක් ලෙස අතිශය සුන්දර උත්තරාලෝක හටගත් ආකාරයත් මාධ්‍ය වාර්තා කළා.කෙසේ වෙතත්, තවත් ප්‍රභල සූර්ය කුණාටුවක් හට ගෙන ඇති බවට NASA ආයතනය සඳහන් කර තිබෙනවා.NASA හි spaceweather.com ට අනුව, කුණාටුව මැයි 27 වන දින AR3664 සූර්ය ලපයෙන් නිකුත් වූ අතර, එය X2.8 පන්තියක් වූ අතර එය මෑත වසරවල වඩාත්ම තීව්ර සූර්ය කුණාටුවලින් එකක් බවට පත්ව තිබෙනවා.එය ජූනි 6 වෙනිදා පමණ නැවතත් පෘථිවියට දර්ශනය වීමට නියමිත බවටයි සඳහන් වෙන්නේ.එම අවස්ථාවේ ඇති වූ පිපිරීම් නිසා පෘථිවියට අහිතකර ලෙස බලපෑ හැකි තවත් භූ චුම්භක කුණාටු සමූහයක් ඇතිවිය හැකි බවට NASA ආයතනය පෙන්වා දී තිබෙනවා.මෙම තත්වය නිසා ගුවන් තරංග වෙත බාධා එල්ලවිය හැකි බවටද සඳහන්.මෙය පෙරට වඩා ප්‍රභලත්වයෙන් ඉහළ සූර්ය කුණාටුවක් බවටයි සඳහන් වෙන්නේ.

Share This Article