දැන් මෙහේ ඉඳලා එපා වෙලා නේද? මෙන්න වීසා නැතුවම යන්න රටක්..
Thursday, 30 May 2024 - 10:23 | Views - 365
විදෙස් රටකට යන්න, අපි හැමෝම ආසාවෙන්නේ ඉන්නේ,
එහේ ගිහිල්ලා, කාලයක් එහේ ගතකරලා , ලස්සන ලස්සන තැන් දැකගෙන වෙනස් විදිහේ අත්දැකීම් විඳගන්නත්, අපේ රටේ ගොඩක් දෙනෙක් කැමැත්තෙන් ඉන්නවා..
ඉතින්, මේ කියන්න යන්නේ අන්න ඒ ගැන කතාවක්.. තායිලන්ත කැබිනට් මණ්ඩලය විසින් නව වීසා ප්රවර්ධනයන් අනුමත කර තිබෙනවා...
ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංචාරකයින් ඇතුළු සංචාරකයින් වැඩි ප්‍රමාණයක් එරටට ගෙන්වා ගැනීම මෙම වැඩසටහන යටතේ ඔවුන්ගේ අරමුණ වී තිබෙනවා..
ඒ අනුව, ශ්‍රී ලාංකික සංචාරකයින්ට තායිලන්තයට ඇතුළුවීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය නොවන අතර, දින 60ක් දක්වා රැඳී සිටිය හැකි බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ...
Share This Article