
“අම්මේ ඔයා ජීවතුන් අතර සිටියා නම් අද මම ඔයාගෙන් ආශිර්වාද ලබාගෙන විභාගයට යනවා නේදැයි“කියමින් කටුවපිටිය බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා වසර පහක පමණ කාලයක් ප්‍රතිකාර ලබමින් සිටියදී පසුගිය 27 වැනිදා මිය ගිය තිළිණා හර්ෂණීගේ (39) වැඩිමල් දියණිය ලයරා ඇන්තනි නිවසේ තබා තිබූ මවගේ දේහය ඉදිරිපිට කඳුළු පිරි දෙනෙතින් බලා සිට එසේ පවසමින් පාසලේ වාර විභාගයට ඊයේ(29)පිටත්ව ගියේ ගුරුවරියක් සමඟිනි.
තිළිණා හර්ෂණී ඇගේ මවත් දරුවන් තිදෙනාත් සමඟ 2019 අප්‍රේල් මස 21වැනි දින උදෑසන නිවසින් පිටව යන්නේ කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගීවීමටය. දේව මෙහෙය අවසන් වෙමින් තිබුණි.
මාරයාගේ බැල්ම කටුවපිටිය ගම්මානයම මළ ගෙයක් බවට පත් කරනු ඇතැයි ඔවුන් කිසිවිටකත් දැන සිටියේ නැත.
තිළිණා හර්ෂණී ඇගේ දරු පැටවුන් තිදෙනාත් තැන තැන වැටී සිටි අයුරු තිළිණාගේ මව දුටුවාය.මවට පළමුව කළ හැකි වූයේ කෑ මොර දීම පමණි.
ඒ වන විටත් තිළිණාගේ දෙවැනි දරුවා මෙලොව හැර ගොස්ය.
කටුවපිටිය බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා දීර්ඝ කාලයක් රෝහල්ගතව සිට නිවසට පැමිණි අවසන් තැනැත්තිය තිළිණාය.
ඒ වන විට පූර්ණ සුවය ලබා නැති තිළිණා නිවසේ විශේෂ කාමරයක පැය 24 පුරාවට සිටි හෙදි නිලධාරියකගේ සහාය ඇතිව කල් ගෙවුවාය.
මුළු කටුවපිටිය ග්‍රාමයට කළු වලාවක් ඇති කරමින් පසුගිය 27 වැනි දින තිළිණා හර්ෂණී නමැති තිදරු මව සඳහටම දෙනෙත් පියා ගත්තාය. ඒ බෝම්බ ප්‍රහාරයෙන් වසර පහකට පසුවය. 




( දිනමිණ )
200 Views
94 Views
91 Views
160 Views
131 Views
214 Views
201 Views
236 Views
94 Views
157 Views
190 Views
653 Views
357 Views
108 Views
75 Views
67 Views
67 Views