අදත් එහෙමම තමා, කිසිම වෙනසක් නෑ..
Thursday, 30 May 2024 - 9:46 | Views - 322
සක්‍රීය නිරිත දිග මෝසම් තත්ත්වය හේතුවෙන්, දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම,වයඹ සහ දකුණු පළාත්වල අද (30) දිනයේත් විටින් විට වැසි ඇතිවිය හැකි බව සඳහන්.
එසේම, බස්නාහිර සහ සබරගමුව පළාත්වල හා නුවරඑළිය දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවල මි.මී. 75ට වැඩි තරමක තද වැසි ඇතිවිමේ හැකියාව පවතින බව ද සඳහන්.
තවද, ඌව පළාතෙත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලත්, උතුරු මැද, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් ත්‍රීකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට තද සුළං ඇතිවිය හැකි බව ද වැඩිදුරටත් සඳහන්.
Share This Article