නේවාසිකාගාරයේ ඉන්නම බැරි තැන, 11ක් පොලිසියට ඇවිත්..
Thursday, 30 May 2024 - 9:27 | Views - 462
යාපනයේ ඌර්කාවතුරේ ප්රදේශයේ බාලිකා පාසලක නේවාසිකාගාරයේ සිටි සිසුවියන්ට පහරදීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට පත් එහි පාලිකාව ලබන මස 12 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
අමානුෂීය ලෙස සිදුවන පහර දීම් ඉවසාගත නොහැකිව සිසුවියන් 11 දෙනෙකු පොලීසියට පැමිණ භාර වීමත් සමගයි අදාළ නේවාසිකාගාරයේ පාලිකාව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ.
මේ වන විට එම සිසුවියන් 11 දෙනා, යාපනය ශික්ෂණ රෝහලේ ප්රතිකාර ලබනවා.
කෙසේ වෙතත්, සිද්ධියට අදාළව නඩුව කැඳවූ අවස්ථාවේ අධිකරණය විසින් පොලිසියට නියෝග කර ඇත්තේ, කිසිදු බාහිර පුද්ගලයෙකුට එම සිසුවියන් හමුවීමට ඉඩ නොදෙන ලෙසටයි.
Share This Article