විදුලි බිල ගැන සුබ ආරංචියක් ?
Thursday, 30 May 2024 - 7:40 | Views - 596
විදුලි බිල 10%ත් 20%ත් අතර ප්‍රතිශතයකින් අඩු කිරීමේ හැකියාව පවතින බව ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමයේ සභාපති ධනුෂ්ක පරාක්‍රමසිංහ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ පසුගිය (29) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
එමෙන්ම, විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කළහොත් විදුලි බිල ඉහළ යාමේ හැකියාවක් පවතින බව ද ඔහු සඳහන් කළා.
තවද, විදුලිබල මණ්ඩලයේ වර්තමාන පරිපාලනය, විදේශ සමාගම්වලට අවශ්‍ය ආකාරයට සිදුකරන බවද සභාපතිවරයා මෙහිදී සඳහන් කළා.
එසේම, 2022 වසරේ ආර්ථික අවපාතය පිළිබඳව අවධානය යොමුකර, සුර්යය විදුලි ඒකකයක් රුපියල් 37කට මිල දී ගත්තද එහි සැබෑ වැටිනාකම රුපියල් 22ක් පමණ වන බව ද , ඒ හේතුවෙන් ජනතාවට හා මණ්ඩලයට රුපියල් 15ක පමණ පාඩුවක් සිදුවන බවද සඳහන්.
Share This Article