" එයා හොස්පිට්ල් එකට යද්දිත් පවනි එයාව දාලා යන්න ගිහින්. '' මෙහෙම පිරිමියෙක්ට ලෝබකමින් බැඳෙන්න නොහිතෙන්නේ කාටද...
Tuesday, 28 May 2024 - 10:55 | Views - 344

සමහර ආදර කතා තියෙනවා ඒ කතා කවදාවත් ඉවරයක් වෙන්නෙත් නැහැ ආරම්භයක් වෙන්නෙත් නැහැ.
සමහරවිට මේ ආදර කතාවත් ඔබට එයෙ එසේ වෙන්න ඇති.
අපිට ජීවිතයේ විවිධාකාර ආදරවන්තයන් ආදරවන්තියන් හමුවෙනවා.
ඒ වගේම තමයි විවිධාකාර ආදර කතා හමුවෙනවා.
මේක හින්දිවත් , මලයාලම්වත් ෆිල්ම් එකක් නෙවෙයි.
මේක මගේ ජීවිතේ සිදුවුණ තවමත් සිදුවෙමින් පවතින ආදර කතාවක්.
එයා අෂාන්..
මම වැඩ කරන කම්පැනියෙම ,මාත් එක්ක වැඩ කරන අවුරුදු 30ක කෙනෙක්.
කළමනකරුවෙක් විදිහට වැඩ කරපු එයා හරි ප්රසන්න නිවිච්ච මනුස්සයෙක්.
ඒ මනුස්සයාව දැක්ක මුල්ම පාරට මට එයා ගැන ලොකු අමුත්තක් දැනුනේ නැහැ.
හැබැයි එයාගේ කතාව දැන ගත්තාම මට එයාව හැම තිස්සෙම දකින්න ඕනි වුණා.
මොකද එයා වගේ මනුස්සයෙක් ලබන්න ඕනිම කෙල්ලෙක් පිං කරන්න ඕනි.
එයා බැඳපු කෙනෙක්.හරි ලස්සන දූ පොඩ්ඩක් ඉන්නවා.
අවුරුදු 30ක කොල්ලෙක්ට මේ වගේ පුංචි ලස්සන කෙල්ල පැටියෙක්.
මට එහෙමයි හිතුනේ..බැඳපු කෙනෙක්ට ආදරය කරන නරක කෙල්ලෙක් විදිහටද මාව දකියි ඔයා.
හැබැයි කතාව අහන්න.එයාගේ බබා එයා එක්ක ඔෆිස් ආවත් කවදාවත් වයිෆ්ව මම දැක්කේ නැහැ.
හැබැයි දවසක් අෂාන්ගේ හොඳම යාලුවා එක්ක මේ ගැන අහපුවාමයි කතාව දැනගත්තේ.
අෂාන් ආදරේ කරලා තිබුණේ කැම්පස් එකේ එයා එක්කම ඉඳපු ගෑනු ළමයකුට.
එයාගේ නම පවනි.එයාලගේ ආදරේ සාර්ථක වෙලා එයාලා මැරි කරලා තිබුණා.ඒ දෙන්නම ලංකාවේ ප්රසිද්ධ කම්පැනි දෙකක කළමනාකරුවො විදිහට ඉඳලා තිබුණේ.
එයාලගේ ලස්සනම කාලය එන්න පටන් අරගෙන තිබුණේ ඒ පුංචි දුව බඩට ආව දවසේ ඉඳලා.
අෂාන් කියන්නේ දුවලට හරි ආදරේ කෙනෙක් කියලා එයාගේ යාලුවා කිවුවේ.
එයා ආසාවෙන් හිටියෙත් දුවෙක්ටලු.කොහොම හරි දුව හම්බෙන්න අමාරු වෙලා හොස්පිට්ල් නවත්තලා.
අෂාන්වත් හිතන්නේ නැති වෙලාවක ඒ ගර්ල්ට අමාරු වෙලා දරුවව හම්බ වෙන්න.
අෂාන් හොස්පිට්ල් එකට එද්දි හරි ලස්සන සුදු මැණිකක් ඉන්නවලු.හැබැයි එයාගේ පවනි පේන්න නැතිලු.
අනෙ එයාට අමාරු වෙලා දුවවයි අෂාන්වයි මේ ලෝකේ තනි කරලා දාලා ගිහින්.
අෂාන්ට පවනි කියන්නේ මේ ලෝකෙටත් වඩා වටින කෙනෙක් කියලා යාලුවා කියද්දි මම කල්පනා කළේ අනේ එයා කොහොම මේවා දරාගත්තද කියලා.
පස්සේ එයා කාලයක් යනකන් කා එක්කවත් කිසිම කතාබහක් කළේ නැතිලු.
කාමරේට වෙලා දුව ගාවට වෙලා ඉන්නවලු.
හැබැයි කාලයක් යද්දි එයා හිත හදාගෙන.
ගෙදරින් ප්රපෝසල් ගනනාවක් ගෙනාවලු එයාගේ දුව වෙනුවෙන්වත් කසාද බඳින්න කියලා.
හැබැයි කවදාවත් එයා ඒ එකකටවත් කැමති වෙලා නැහැ.
මොකද දුවට වචනයකින්වත් වෙනසක් වෙයි කියන බයට.
දන්නවද ඒ දුවගේ නමත් පවනි.ඉතින් මට ඒ කතාව ඇහුවාම අෂාන්ට නොසෑහෙන්න ආදරේ හිතුනා.
ඒ වගේම තමයි ඒ දුවට.දරුවෙක් වෙනුවෙන් මෙහෙම ඉන්න තාත්තලා චිත්රපටිවල විතරයි මම දැකලා තිබුණේ.
හැබැයි ඒ වගේ පිරිමියෙක්ට මම ආදරය කරනවා.
හැබැයි එයා දන්නෙ නෑ.එයාට කියන්න ඕනි.
මමත් පවනි වගේ ඔයා ළඟ ඉන්නම් දරුවෙක් නොහදා මගේ කුසින් වැදුවා වගේ බලාගන්නම් මේ අපේ දුවව කියලා.
ඒත් කියලා මට එයාව සදහටම නැති කරගන්න බයයි.
මේ තමයි මගේ කතාව.මෙහෙම පිරිමියෙක්ට ලෝබකමකින් බැඳෙන්න කාටද නොහිතෙන්නේ.
Share This Article