රෝගීන්ගේ අතටම එන තරුපහේ කෑම..
Tuesday, 28 May 2024 - 8:12 | Views - 281
 සියලු රජයේ රෝහල්වල නේවාසික රෝගීන්ට ලබාදෙන ආහාර වේලේ වෙනසක් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, ආහාරවේල් බන්දේසියක දමා, බත් සහ ව්‍යංජනය වෙන වෙනම අසුරා විනිවිද පෙනෙන දවටනයකින් ආවරණය කර රෝගියාගේ අතටම ලබාදීම නව වැඩපිළිවෙලින් සිදුකිරීමට නියමිතයි.

ඊට අමතරව, තරුපහේ හෝටල්වල සූපවේදීන් හරහා රෝහලේ ආහාර පිසින පුද්ගලයින්ට විශේෂ පුහුණුවක් සමඟ ඇඳුම් කට්ටලයක් ලබා දීමටත් තීරණය කර තිබෙනවා.

මේ සඳහා, සෞඛ්‍ය අමාත්‍යංශය එක් රෝගියෙකු වෙනුවෙන් වෙන්කරන මුදල් ප්‍රතිපාදනයන් වැඩි කර දීමට කැමැත්ත පළ කර ඇති බවත් ඉතිරි මුදල දානපතියන්ගෙන් සපයා ගැනීමට තීරණය කළ බවත් පෝෂණ වෛද්‍යවරුන්ගේ සංගමය පවසනවා.

මෙම වැඩසටහන ජූලි මාසයේ මහරගම අපේක්ෂා රෝහලෙන් ආරම්භ කිරීමට නියමිත බවත් පසුව ක්‍රමයෙන් රටපුරා රජයේ රෝහල්වල ක්‍රියාත්මක කිරීමටත් සැළසුම් කර ඇති බවටයි වාර්තා වෙන්නේ.



Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top