කුලියාපිටියම කැළඹු ඝා..නය ගැන ඇසෙන අලුත්ම කතාව..
Tuesday, 28 May 2024 - 8:01 | Views - 916
තවමත් ආන්දෝලනාත්මක කතා මවන කුලියාපිටියේ මරණය ගැන අද වෙනකොට තවත් අලුත් පුවත් මැවෙනවා..

මේ කියන්න යන්නේ ඔහුගේ මරණය ගැන අහන්න ලැබුණ තවත් වෙනස් කතාවක්.. 

කුලියාපිටිය තරුණයාගේ ඝාතනයට අදාළ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකොට සිටි සැකකරුවන් දස දෙනා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් නියම කර තිබෙනවා..

කුලියාපිටිය කබලෑව ප්‍රදේශයේ තරුණයකුගේ ඝාතනය සම්බන්ධයෙන් කුලියාපිටිය පොලිසිය මගින් ගොනු කර තිබූ නඩුව ඊයේ (27දා) නැවත කැඳවූ අවස්ථාවේ එසේ නියෝග කළ අතර, උදය ප්‍රසන්න, තිළිණ කීර්තිරත්න, හිල්ඩා ප්‍රනාන්දු, ඉලුක්හේන දොන් චන්ද්‍රසිරි, පඩිවෙල ඇන්ටන් ප්‍රනාන්දු, සුජිත් ප්‍රනාන්දු, දිලානි ශානිකා, චාරුක දේවින්ද, මනෝධ්‍යා ෂෙරංගි සහ සුරංග පද්මකුමාර යන කැප්පෙටිපොල, වස්සාවුල්ල, පඩිවෙල හා හම්මලව ආදී ප්‍රදේශවල පදිංචිකරුවන් දස දෙනෙක් එසේ යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවා.. නඩුව කැඳවූ අවස්ථාවේ පොලිසිය සිය පරීක්ෂණවල ප්‍රගතිය වැඩිදුර වාර්තාවක් මගින් ඉදිරිපත් කළේය. සිඟිතිගේ මස්සිනා ඇතුළු කීපදෙනකුට සැඟව සිටීමට උපකාර කළැයි කියන 10 වැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ චන්දන යාපා මහතා පොලිසිය කරුණු දක්වන ආකාරයට තම සේවාදායකයා ඝාතනයෙන් පසුව සැකකරුවන්ට උපකාර කර ඇති බවත් ඔහුට එල්ලකර ඇති මිනීමැරුම් චෝදනාව සංශෝධනය කරන ලෙසත් ඉල්ලා සිටියා..

සැකකරුවන් දස දෙනාගෙන් කවුරුන් කොහේදී, කෙසේ තරුණයා ඝාතනය කළාද යන්න මේ වනවිටත් පරීක්ෂණ මට්ටමේ ඇති බවත් ඔහුගේ මළසිරුර පිළිබඳ හලාවත මූලික රෝහලේ සිදුකෙරෙන පශ්චාත් මරණ පරීක්ෂණයද මේ වනතෙක් අවසන්ව නොමැති බවත් පොලිසිය පැවසුවා..
එමෙන්ම මෙම ඝාතනය මනාව සැලසුම් කර සූක්ෂ්මව සිදුකර ඇති බවත් විමර්ශන අවසන් නොමැති බවත් පොලිසිය වැඩිදුරටත් කියා සිටියා..

දෙපාර්ශවයේම කරුණු කෙරෙහි අවධානය යොමුකළ මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් ඉදිරි දිනයේ විමර්ශන ප්‍රගතිය කැඳවමින් සැකකරුවන් යළි රිමාන්ඩ් භාරයට පත් කළා.. 





දිවයින ඇසුරෙන්... 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top