ශිෂ්‍යත්ව විභාගයට අයදුම්පත් භාරගැනීම අද සිට
Monday, 27 May 2024 - 11:17 | Views - 445
ශිෂ්‍යත්ව විභාගයට අදාළව මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත්‍ර භාරගැනීම අද (27) සිට සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, ලබන මස 14 වනදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් භාරගැනීම සිදු කෙරෙනු ඇති.
එසේම, කිසිම හේතුවක් මත අයදුම්පත් භාරගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළා.
රජයේ පාසලක හෝ රජයේ අනුමත පෞද්ගලික පාසලක පහ ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුන්ට පමණක් ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත්විය හැකි අතර, අඩු ආදායම් සහිත 2025 වසරේ ජනවාරි මස 31 වන දිනට වයස අවුරුදු 11ට අඩු සිසුන්ට පමණක් ශිෂ්‍යාධාර ලබාදීමට සුදුසුකම් ලබනවා.
මෙවර පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මස 15 වන ඉරුදින පැවැත්වීමට නියමිතයි.
Share This Article