හිරු උත්තම ධාතු වන්දනාවේ ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍රවූ කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ යළි වැඩමකරවූ පෙරහර..(Video)
Sunday, 26 May 2024 - 14:38 | Views - 209
මාතලේ අලුවිහාර පින්බිමේදී පැවැත්වෙන හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහන අද (26) උදෑසන 6.30ට සමාප්ත කරමින් සර්වඥ ධාතූන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරය වෙත යළි වැඩම කරවනු ඇති. 

එම ගමන් මගේ ස්ථාන කිහිපයකදීත් සැදැහැවත් ජනතාවට සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට අවස්ථාව හිමි වුණා.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමට අවස්ථාව ලබාදුන් හිරු උත්තම ධාතු වන්දනාව අද උදෑසන 6.30ට මාතලේ අලුවිහාර පුදබිමේදී අවසන් කෙරුණා.

උදෑසන බුද්ධ පූජාව ඇතුළු වතාවත්වලින් අනතුරුව සර්වඥ ධාතූන් වහන්සේ වස්කඩුව ශ්‍රී සුභූති විහාරස්ථානය වෙත වැඩම කරවීම සිදුවුණා. 

ඒ අනුව, උදෑසන 7.00ට පමණ මාතලේ අලුවිහාර පුදබිමේ සිට සර්වඥ ධාතූන් වහන්සේ රැගත් පෙරහර පෙරවරු 10.30 පමණ වන විට දඹුල්ල රන්දෙණිය රජමහා විහාරස්ථානයට වැඩම කරවීමට නියමිත අතර එහිදී දහවල් බුද්ධ පූජාව පැවැත්වෙනු ඇති.

එහිදී සැදැහැවතුන්ට හිරු උත්තම ධාතු වන්දනාව සමග එක්වීමට යළි අවස්ථාව හිමි වුණා. 

අනතුරුව පස්වරු 3.00 පමණ වන විට කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වාඥ ධාතූන් වහන්සේ වෙත ගිලන්පස පූජාව පිළිගැන්වීම සිදුකෙරෙන්නේ මැල්සිරිපුර ධම්මරතන පිරිවෙන් විහාර පරිශ්‍රයේදී.

සැදැහැවතුන්ගේ වැඳුම් පිදුම් මැද ගමන් අරඹන ධාතූන් වහන්සේ රැගත් පෙරහැර පස්වරු 6.00 පමණ වන විට කුලියාපිටිය අස්සැද්දුම ශ්‍රී බුද්ධ ශාසනාලංකාර මූල මහා විහාරය වෙත වැඩම කළා.

එම විහාරස්ථානයේදී කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ සහ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ පසුදා පහන් වනතුරු වන්දනාමාන කිරීමට සැදැහැවතුන්ට අවස්ථාව හිමි වුණා. 





Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top