රාජ්‍ය හා පුද්ගලික අංශයේ පමණක් නොව, ස්වයං රැකියා කරන සියලු දෙනාටද දායකත්ව විශ්‍රාම වැටුපක් ?
Saturday, 25 May 2024 - 8:04 | Views - 557
රාජ්‍ය හා පුද්ගලික අංශයේ පමණක් නොව, ස්වයං රැකියා කරන සියලු දෙනාටද දායකත්ව විශ්‍රාම වැටුපක් යෝජනා කරන බව සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පසුගියදා පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
එසේම, මුළු රටම සවිබල ගැන්වීම සඳහා සැමට විශ්‍රාම වැටුපක් දියයුතුයි යන්න ස්ථාවරය බව සඳහන් කරමින් , ඒ සඳහා රාජ්‍ය හා පුද්ගලික අංශයේ පමණක් නොව ස්වයං රැකියා කරන සියලු දෙනාටද දායකත්ව විශ්‍රාම වැටුපක් යෝජනා කරන බවද වැඩිදුරටත් සඳහන් කළා.
තවද, ව්‍යවසායක රාජ්‍යයක් බිහි කිරීම සඳහා, සැමට වෘත්තීය අධ්‍යාපනය ද ලැබිය යුතු බවද මෙහි සඳහන් වුණා.
Share This Article