හිරු උත්තම ධාතු වන්දනාවට, අලු විහාර පුදබිම සැදැහැවතුන්ගෙන් පිරී ඉතිරි යයි (Video)
Friday, 24 May 2024 - 21:05 | Views - 329

සම්බුදු තෙමඟුල වෙනුවෙන් හිරු මාධ්‍ය ජාලය සැදැහැ සිතින් සංවිධාන කරන හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහන අද (24) පෙරවරුවේ ඓතිහාසික මාතලේ අලුවිහාර පුදබිමේදී ආරම්භ වුණා.
හිරු ශාක්‍යසිංහ මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන මෙම සර්වඥ ධාතූන්වහන්සේ වන්දනාව සඳහා මේ වනවිටත් දිවයිනේ සතර දෙසින් ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන් පැමිණෙමින් සිටිනවා.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන්වහන්සේ මෙන්ම, සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ සියැසින් දැක - වැඳපුදා ගැනීමේ දුර්ලභ අවස්ථාව හිරු උත්තම ධාතු වන්දනා වැඩසටහනින් උදාකර දී තිබෙනවා.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීම සඳහා ඊයේ රාත්‍රීයේ සිටම සැදැහැවත් ජනතාව කිලෝමීටර් ගණන් දිගු පෝලිම් වල රැඳී සිටියා.
ඒ අනුව අද අලුයම හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා අතින් ධාතූන් වහන්සේ ඓතිහාසික මාතලේ අලුවිහාර පුද බිමට වැඩම කෙරුණේ, හේවිසි හඩ සහ මල් වරුසා මධ්‍යයේයි.
සැදැහැවතුන්ගේ සාධු නාද මැද ඓතිහාසික මාතලේ අලුවිහාර පුදබිමේ ඉදිකර තිබූ විශේෂ ධාතු මන්දිරයේ, ධාතූන් වහන්සේ තැන්පත් කෙරුණා.
අනතුරුව කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් අෂ්ඨපරිෂ්කාරයෙන් යුතු උදෑසන බුද්ධ පූජාව පවත්වනු ලැබුවේ බුදුරජාණන් වහන්සේට උදෑසන බුද්ධ පූජාව පවත්වන ආකාරයෙන්මයි.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ ඓතිහාසික මාතලේ අලුවිහාර පුද බිමට වැඩම කරවීමේ ඓතිහාසික අවස්ථාව වෙනුවෙන් වැඩමකර සිටි සඟරුවන අනතුරුව පිරිත් සජ්ජායනය කළා.
ඉන් අනතුරුව අමරපුර සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහනායක, වස්කඩුව ශ්‍රී සුභූති විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය වස්කඩුවේ මහින්ද වංශ නා හිමියන් ප්‍රධාන අනුශාසනාව සිදුකළා.
ඉන් අනතුරුව කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඳපුදා ගැනීමේ අවස්ථාව සුවහසක් සැදැහැවතුන්ට උදා වුණේ මල් වරුසා මැදයි.
ධාතූන්වහන්සේ වැඳපුදා ගැනීම වෙනුවෙන් ඓතිහාසික මාතලේ අලුවිහාර පුද බිමට පැමිණ සිටි දහස් සංඛ්‍යාත සැදැහැවතුන් වෙනුවෙන් හිරු මාධ්‍යජාලයේ සභාපති රේනෝ සිල්වා මහතා මෙවරත් උදෑසන ආහාරය සහ දහම් පඩුරක් ලබා දුන්නා.
කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වෙනුවෙන් දහවල් සම්බුද්ධ පූජාව ද සිදු කෙරුණේ, ජීවමාන බුදුන් වහන්සේට බුද්ධ පූජාව පවත්වනවා හා සමානවයි.
Share This Article