හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් අභිනව ත්‍රිපිටක සංරක්ෂණ මන්දිරයට මුල්ගල තැබේ..(Video)
Thursday, 23 May 2024 - 14:29 | Views - 448
ලක්දිව බුදු සසුන ආරම්භ වීමෙන් පසු මෙරට බුදු සසුනේ චිරස්තිථිය උදෙසා ඉතිහාසයේ කළ කී දේ අතිමහත්.

එවන් තවත් මහා පුණ්‍යකර්මයක් අද වෙසක් පුන් පෝදා මාතලේ අලු‍විහාරය කේන්ද්‍ර කරගනිමින් සිදුවුණා.

අසූහාර දහසක සද්ධර්මය ලේඛනගත කළ ත්‍රිපිටක පොත් වහන්සේ සුරක්ෂා කොට තැබීම සඳහා එම විහාර පරිශ්‍රයේ රුපියල් කෝටි 4කට අධික පිරිවැයක් දරා ඉදිකෙරෙන ත්‍රිපිටක සංරක්ෂණ මන්දිරය සඳහා මුල්ගල් තැබීම අද උදෑසන 9.53ට යෙදී තිබු සුබ මොහොතින් මාතලේ අලු‍විහාර පුද බිමේදී මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්ව මහ නායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤානරතන නා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සුරතින් අභිනව ත්‍රිපිටක සංරක්ෂණ මන්දිරයට මුල්ගල් තැබීම සිදු කෙරුණා.

වලගම්බා රජු සමයේදී බුදු දහමේ සහ ශාසන වංශ කතාවේ අතිශය වැදගත් පරිච්ඡේදයක් සනිටුහන් කෙරෙනවා.

ඒ සම්බුද්ධ පරිනිර්වානයෙන් වසර 454 ක් ගතවූ තැන ත්‍රිපිටක බුද්ධ භාෂිතය පළමු වරට ලේඛනගත කිරීමත් සමගයි.

එතෙක් මුඛ පරම්පරාවෙන් පැවත ආ බුදු දහම පළමුවරට ලේඛනගත කෙරුණේ මාතලේ අලු‍විහාර භූමියේයි.

එම ධර්ම ශාස්ත්‍රීය නිජබිමෙහි සමස්ත බුදු දහමේ යහ පැවැත්ම සහ අභිවෘද්ධිය කේන්ද්‍ර කරගත් තවත් සාසන මාමක සම්මා වායාමයකට මුල පිරීමට හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වා මහතා යොමුවන්නේ ඒ අනුවයි.

හිරු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ සිල්වාගේ එම උදාරතර සංකල්පය සමාරම්භ කෙරෙන අද දිනය මෙරට මෙන්ම ලෝක බොදුශාසන ඉතිහාසයේ ස්වර්ණමය පර්ච්ඡේදයක ඇරඹුමක් වන බවට සැකයක් නැහැ. 




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top