හිරු ශාක්‍යසිංහ මංගල්‍යය අද දවස පුරා මාතලේ අලු‍විහාර පුදබිමේදී..
Thursday, 23 May 2024 - 9:46 | Views - 557
තිලෝගුරු අමාමෑණී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ උතුම් තෙමඟුල වෙනුවෙන් හිරු ටී.වී., හිරු එෆ්.එම්. ප්‍රමුඛ හිරු මාධ්‍ය ජාලය සංවිධාන කරන හිරු ශාක්‍යසිංහ මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ, ඓතිහාසික මාතලේ අලුවිහාර පුද බිම කේන්ද්‍ර කරගනිමින්.

කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කෙරෙන හිරු උත්තම ධාතු වන්දනාවද ඓතිහාසික මාතලේ අලුවිහාර පුදබිමේදී පැවැත්වෙන්නේ ඊට සමගාමීවයි.

මාතලේ අලුවිහාරයේදී ග්‍රන්ථාරූඩ කළ ත්‍රිපිටකය තවත් චිරාත් කාලයක් සංරක්ෂණය කරනු වස් රුපියල් කෝටි 4කට අධික පිරිවැයකින් ත්‍රිපිටක සංරක්ෂණ මන්දිරයක් ඉදිකිරීමද මෙවර හිරු ශාක්‍යසිංහ මංගල්‍යයේදී ආරම්භ කෙරෙනවා.

ඓතිහාසික මාතලේ අලුවිහාර පුණ්‍ය භූමියේදී දාන, ශීල, භාවනා ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියාවෙන්ම උත්තම මුණිරදුන් පුදන හිරු ශාඛ්‍යසිංහ මංගල්‍යය හෙට අරුණලු නැගෙන පැයේ සිට ආරම්භ වනවා.

මෙම වැඩසටහන පැවැත්වෙන්නේ හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයකට අනුවයි.

ඒ අනුව, කාව්‍යමය ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු දෙලොවටම වැඩ සලසන පුණ්‍ය ක්‍රියා රැසක් අද (23) දවස පුරා ඓතිහාසික මාතලේ අලුවිහාර පුද බිමේදී පැවැත්වීමට නියමිතයි.

මෙලොව බුදුදහමේ චිරස්තිථිය උදෙසා වලගම්බා රජු සමයේ මාතලේ අලුවිහාරයේදී ග්‍රන්ථාරූඩ කළ ත්‍රිපිටකය තවත් චිරාත් කාලයක් සංරක්ෂණය කරනු වස් හිරු මාධ්‍ය ජාලයේ සභාපති රේනෝ සිල්වා මහතාගේ සංකල්පයක් මත රුපියල් කෝටි 4කට අධික පිරිවැයකින් යුතුව ඉදිකෙරෙන ත්‍රිපිටක සංරක්ෂණ මන්දිරය සඳහා මුල්ගල් තැබීම මෙම සියලු පුණ්‍යකර්මයන්ට සමගාමීව සිදු වන තවත් මාහැඟි කටයුත්තක්.

එමෙන්ම ඓතිහාසික මාතලේ අලුවිහාර චෛත්‍ය රාජයාණන් වහන්සේ සුවඳ දුමින් පුදා නෙළුම් මල් දහස් ගණනින් පූජා කිරීමත්, සම්බුදු සසුනේ චිරස්ථිතිය උදෙසා අධිෂ්ඨාන පූජා පැවැත්වීමත් හෙට සිදු කෙරෙනවා.

ෂඩ්වර්ණ විදුලි ආලෝකයෙන් ඓතිහාසික මාතලේ අලුවිහාර චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත ආලෝක පූජා පැවැත්වීම හෙට පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

හෙට උදෑසන 5.30 සිට මේ සියලු පිංකම් දවස පුරා සිදු කෙරෙන්නේ ඓතිහාසික මාතලේ අලුවිහාරයේ භාරකර අතිපූජ්‍ය අලුවිහාරයේ සරණංකර නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා මතයි.

හිරු ශාඛ්‍යසිංහ මංගල්‍යයට සමගාමීව පැවැත්වෙන හිරු උත්තම ධාතු වන්දනා - කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතු වන්දනාව ඓතිහාසික මාතලේ අලුවිහාර පුදබිමේදී අනිද්දා, එනම් 24 වැනිදා ආරම්භ වනවා.

හිරු උත්තම ධාතු වන්දනාව වෙනුවෙන් කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතූන් වහන්සේ මෙන්ම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතූන් වහන්සේ ද මාතලේ අලුවිහාර පුදබිමට වැඩමකෙරෙනු ඇති.

දිවයිනේ නන් දෙසින් පැමිණෙන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ වන්දනාමානයට ඉඩ සලසන කපිලවස්තුපුර නිසැක ශ්‍රී සර්වඥධාතු වන්දනාව ලබන 26 වැනිදා උදෑසන දක්වා මාතලේ අලුවිහාර පුදබිමේදී පැවැත්වීමට නියමිතයි.

ඓතිහාසික මාතලේ අලුවිහාර පුද බිම වෙසක් සිරියෙන් අසිරි ගන්වමින් ඒකාලෝක කෙරෙන හිරු ශාඛ්‍යසිංහ මංගල්‍යයේ සජීවී රූපාවලිය හිරු ටී.වී. ඔස්සේ අද (23) දිනය පුරා සජීවීව දැකබලා ගැනීමට සැදැහැවත් ඔබටත් අවස්ථාව හිමිවනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top