මියගිය ඔහුගේ දේහය භාරගන්න බිරින්දෑවරු 4ක්.. බිහිසුණු අනතුරකින් පසු ඇසෙන වෙනස්ම කතාව..
Wednesday, 22 May 2024 - 10:38 | Views - 396
කුලියාපිටිය වෛද්‍ය පීඨය අසල යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදුව තිබූ රිය අනතුරින් මිය ගිය පුද්ගලයකුගේ මෘත දේහය භාර ගැනීමට භාර්යාවන් සිව් දෙනකු ඉදිරිපත් වී ඇති පුවතක් වාර්තා වෙනවා..
මෙම අනතුරෙන් මියගොස් තිබුණේ ප්‍රේමරත්න අධිකාරි නමැති 59 හැවිරිදි අයෙක්..
පසුදියදා මෙලෙස ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා පොලොන්නරුව ඇතුළු ප්‍රදේශ කිහිපයක පදිංචිව සිටි අයෙක් බවටයි වාර්තා වෙන්නේ..
ඔහුගේ දේහය කුලියාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් තිබූ බව රෝහල් ආරංචිමාර්ග පවසන අතර, අදාළ මෘතදේහයට මේ වන විට භාර්යාවන් 4ක් ඉල්ලීම් කර ඇතැයිද වාර්තා වෙනවා...
එහෙත් දේහය නීත්‍යනුකූල විවාහක බිරියට භාර දීමට පියවර ගන්නා බව පොලිසිය පවසනවා..
කෙසේ වෙතත්, පොලිසිය පවසන ආකාරයට එකෙනෙක ගැටුණු පැදිකරුවන් දෙදෙනාම කුරුණෑගල දෙසට ගමන් කර ලබුයාය තුම්මෝදර මන්සන්ධියෙන් එම දෙසටම ගමන් කොට තිබූ මෝටර් රථයක් පසු හඹා යෑමට උත්සාහ කිරීමේදී මේ අනතුර සිදුව ඇති බවයි..
Share This Article