LPL 2024 ක්‍රීඩක වෙන්දේසිය ඇරඹෙයි.. මතීෂ ඉතිහාසගත මුදලකට අලෙවි වෙයි !
Tuesday, 21 May 2024 - 13:07 | Views - 318

5 වැනි ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද(21) කොළඹදී ආරම්භ වුණා..
ඒ සඳහා, දේශීය සහ විදේශීය ක්‍රීඩකයින් 420 දෙනෙක් වෙන්දේසියට ඉදිරිපත් කර තිබෙනවා..
කොළඹ,ගාල්ල.මහනුවර,යාපනය සහ දඹුල්ල යන කණ්ඩායම් පහේ හිමිකරුවන් විසින් ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඩොලර් 500,000 බැගින් ඩොලර් මිලියන 2.5ක් වෙන්දේසිය සඳහා යොදවා ඇති බවටයි වාර්තා වන්නේ..
එසේම, මෙවර LPL ක්‍රීඩක වෙන්දේසියේ ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිශ්ශංක කිසිඳු කණ්ඩායමක් විසින් මිලදී ගැනීමට කටයුතු කර නෑ.
ශ්‍රී ලංකාව සතු එකම එක්දින ද්විත්ව ශතක ලාභියා වන පැතුම් මෙවර ලෝක කුසලාන විස්සයි විස්සයි තරග සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරුවෙකු ලෙස කටයුතු කරයි.
ක්‍රීඩකයින් වෙන්දේසි වූ මුදල් ප්‍රමාණය පහතින්,
අශේන් බණ්ඩාර ඩොලර් 28,000 - B-Love Kandy
චාමික ගුණසේකර ඩොලර් - 10,000 - කොළඹ
සහන් ආරච්චිගේ - ඩොලර් 20,000 - ගාල්ල
ජනිත් ලියනගේ ඩොලර් 36,000 - ගාල්ල
දුනිත් වෙල්ලාලගේ ඩොලර් 50000 - කොළඹ
මුෂ්ෆිකර් රහීම් කිසිදු කණ්ඩායමක් මිලදී ගත්තේ නැහැ.
එමෙන් ම කුසල් ජනිත් පෙරේරාද කිසිදු කණ්ඩායමක් විසින් මිල දී ගත්තේ නැහැ.
---------------------------------------------------------------------------
ශ්‍රී ලංකා සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ LPL ක්‍රීඩක වෙන්දේසියේ ඉතිහාසගත මුදලකට අලෙවි වුණා.
LPL ක්‍රීඩක වෙන්දේසියේදී ඔහුව කොළඹ කණ්ඩායම විසින් ඩොලර් 120,000ක මුදලකට මිලදීගනු ලැබුවා.
LPL වෙන්දේසියේදී මේ දක්වා ක්‍රීඩකයෙකුට හිමිවූ වැඩිම මුදල මෙයයි.
මිට පෙර ඩිල්ෂාන් මදුසංකව ඩොලර් 92 000කට මිලදී ගෙන තිබුණා.
Share This Article