වෙනස් වුණු රත්තරන් ගැන ඇහෙන , අලුත් ම කතාව මෙන්න
Tuesday, 21 May 2024 - 11:33 | Views - 314
ඊයේ (20) දිනයේ දී වෙළඳපොළේ රන් අවුන්සයක මිල සටහන් වූයේ රුපියල් 731,175ක් ලෙසයි.
එය පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව රුපියල් 12,328ක වැඩිවීමක්.
ඒ අනුව, කැරට් 24 ග්රෑම් 1ක මිල රුපියල් 25,800ක් ලෙස සඳහන් වන අතර, කැරට් 22 සහ 21 ග්රෑම් 1ක මිල පිළිවෙළින් රුපියල් 23,650ක් සහ රුපියල් 22,580ක් ලෙස සටහන් වනවා.
එමෙන්ම කැරට් 24 රන් පවුමක මිල දැක්වුණේ රුපියල් 206,350ක් ලෙසයි.
කැරට් 22 පවුමක් රුපියල් 189,200ක් මෙන්ම කැරට් 21 පවුමක මිල රුපියල් 180,600ක් ලෙසත් සටහන් වෙනවා.
Share This Article