දින ගණනක් සුරාසැල් වැසෙද්දී , මත්පැන් බලපත්‍ර ගැන නවතම කතාවක් කරළියට..
Tuesday, 21 May 2024 - 11:02 | Views - 347
නව මත්පැන් බලපත්‍ර ලබාදීමට කටයුතු කරන්නේ, රටේ ජනගහනය , සංචාරකයින්ගේ පැමිණිම වැනි සාධක පදනම් කරගෙන පමණක්ම බව, මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා..
සතොස ආයතනයට අයත් මත්පැන් බලපත්‍ර 100න් 55 ක් අර්ජුන් ඇලෝසියස්ට අයත් වෙනත් සමාගම් වෙත පැවරීමට ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවට එල්ල කර ඇති චෝදනාවලට කරවනැල්ල ප්‍රදේශයේ ඊයේ (20) පැවති වැඩසටහනකින් අනතරුව පිළිතුරු ලබා දෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
එසේම, වෙසක් පුන් පොහොය වෙනුවෙන් දිවයින පුරා සියලුම සුරාසැල් සහ මත්පැන් අලෙවිසැල් මැයි 23 සිට 24 යන දෙදින වසා තැබීමට ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
මීට අමතරව, මාතලේ නගර සීමාව තුළ පවතින සියලුම බලපත්‍රලත් සුරාසැල් මැයි 21 හා 22 දිනවලත් වසා තැබීමට දැනුම් දී තිබෙනවා..
ඒ, මෙවර රාජ්‍ය වෙසක් උත්සවය , මාතලේ දිස්ත්‍රික්කයේ පැවැත්වීමට නියමිත බැවින්.
Share This Article