අයහපත් කාලගුණය හේතුවෙන්, රියදුරන්ට විශේෂ දැනුම්දීමක්..
Sunday, 19 May 2024 - 10:25 | Views - 406
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් පෙන්නුම් කරන බැවින් එම ප්‍රදේශ ආශ්‍රිතව මාර්ගයේ ගස් යට වාහන නතර කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස බලධාරීන් ‍රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

එමෙන්ම, නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ පණිවිඩයක් ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, හපුතලේ, හාලි ඇල, බදුල්ල යන ප්‍රදේශ සඳහාත්,

කොළඹ දිස්ත්‍රික්කයේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්, ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයත්,

කළුතර දිස්ත්‍රික්කයේ පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, ⁠මතුගම, වලල්ලාවිට යන ප්‍රදේශ සඳහාත්,

මහනුවර දිස්ත්‍රික්කයේ ගඟවට කෝරළය, උඩුදුම්බර, උඩපලාත, උඩුනුවර, ගඟ ඉහළ කෝරළය, පස්බාගේ කෝරළය යන ප්‍රදේශ සඳහාත්,

කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට, මාවනැල්ල, ⁠දෙහිඹ්විට,⁠ බුලත්කොහුපිටිය, ⁠ගලිගමුව, ⁠වරකාපොල, ⁠කෑගල්ල, දැරණියගල, රුවන්වැල්ල යන ප්‍රදේශ සඳහාත්,

රත්නපුර දිස්ත්‍රික්කයේ ⁠බලංගොඩ, ⁠රත්නපුර, ⁠ඉඹුල්පේ, ⁠කලවාන, ⁠කිරිඇල්ල, ⁠කුරුවිට, ඇහැළියගොඩ, ⁠අයගම, ⁠ඇලපාත යන ප්‍රදේශ සඳහාත් නායයෑමේ පුර්‍ර්ව අනතුරු ඇඟවීමේ නිවේදන නිකුත් කර ඇති බවයි සඳහන් වන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top