ජලය යනු ජීවය පවත්වාගෙන යෑමට අත්‍යවශ්‍ය දෙයකි.
ආහාර නොමැතිව ජීවත් විය හැකි වුවද ජලය නොමැතිව අපට ජීවයක් පවත්වාගෙන යා නොහැකිය. අපගේ සිරුරේ 75%ක් අඩංගු වන්නේ ජලයයි. එනිසාම ජලය යනු සියලුම ජීවීන්ට මෙන්ම ගහ කොළටද අත්‍යවශ්‍යම දෙයකි. දිනකට කුඩා ප්‍රමාණවලින් ජලය පානය කරනවාට වඩා එකවර ජලය වැඩි ප්‍රමාණයක් පානය කරන්න. එමඟින් ඔබගේ හෘදයේ ආතතිය අඩු කරන අතරම ඔබගේ සිරුරට ජලය අවශෝෂණය කර ගැනීමට වැඩි කාලයක් ලබාගනියි.
ජලය පානය කිරීමට පිපාසය දැනෙනතුරු නොසිටින්න. වරින්වර දවස පුරාම ජලය පානය කරන්න.උණුසුම් කාලවලදී වැඩි වශයෙන් ජලය පානය කරන්නඑක හුස්මට ජලය වැඩි ප්‍රමාණයක් පානය නොකරන්න. ඔබට සෑහීමට පත්වන ප්‍රමාණයක් එකදිගට ජලය පානය කළ පසු නැවත නැවතත් එක දිගට ජලය පානය නොකරන්න.කාමර උෂ්ණත්වයේ පවතින විට ජලය පානය කරන්න. ශීත කළ ජල පානය කිරීමට පුරුදු නොවන්න. ශීත කළ ජලය නිතර පානය කිරීම සිරුරේ නිරෝගී බවට එතරම් සුදුසු නොවේ.හැකි සෑම විටදීම උණුකර නිවාගත් ජලය හෝ අපද්‍රව්‍ය, විස ද්‍රව්‍ය ඉවත් කළ හැකි ජල පෙරනයකින් පෙරාගන්නා ලද පිරිසුදු ජලය පානය කරන්න. වෙළෙඳපොළ තුළ තිබෙන ගුණාත්මක බවින් ඉහළ එවැනි ජල පෙරනයක් සෑමවිටම භාවිත කරන්න.ඔබ ගර්භණී මාතාවක් හෝ කිරිදෙන මවක් නම් ජලය වැඩිපුර පානය කරන්න. එය සාමාන්‍ය පුද්ගලයකු දිනකට පානය කරන ජලය ප්‍රමාණයට වඩා වැඩිවිය යුතුය.ඔබට පිපාසය නොදැනුණද ඔබගේ තොල් වියළී, සම වියළී ඉරි තැළී ඇත්නම්, හිස කෙස් වියළී කැඩී යනවා නම්, සම රැලි වැටී ඇත්නම් ඔබ සිරුරට අවශ්‍ය තරම් ජලය පානය කොට නැහැ.මලබද්ධය ඇති පුද්ගලයන් ජලය වැඩිපුර පානය කරන්නආයුර්වේදය තුළ සඳහන් වන්නේ සිටගෙන ජලය පානය කරනවාට වඩා අසුන්ගෙන ජලය පානය කිරීම වඩාත් සුදුසුයි. සිටගෙන ජලය පානය කිරීමේදී ගලනාලයේ සිට උදරයේ යටිබඩ ආශ්‍රිත ප්‍රදේශයට අනවශ්‍ය පීඩනයක් ගෙන දෙයි. එබැවින් එම තත්ත්වයන් වළක්වා ගැනීමට හිඳගෙන ජලය පානය කරන්න.තවද ජලය පානය නොකළ යුතු අවස්ථාද ඇත. ඒවා නම්,මිරිස් රස අධිකව දැනෙන ආහාර පාන වර්ග ගන්නා අතරතුරදී ජලය පානය නොකරන්නමිරිස් අධික ආහාර වර්ග ලබාගන්නා අතරතුරදී උගුරේ සහ බඩේ දැවිල්ලක් ඇතිවීම සාමාන්‍ය තත්ත්වයකි.එවැනි අවස්ථාවකදී ජලය පානය කිරීමෙන් එම තත්ත්වය ඉහළ යා හැකියි. එවැනි අවස්ථාවකදී සුදුසු වන්නේ කිරි පානය කිරීමයි.මුහුදු ජලය කිසිවිටෙකත්පානය නොකරන්නඑම ජලය පානය කිරීමෙන් බැක්ටීරියා, වයිරස් ආසාදන තත්ත්වයන්ට ඔබ ගොදුරු විය හැකියි. මුහුදු ජලයේ ලවණ ගතිය වැඩි නිසා සිරුර විජලනය වීම සිදුවිය හැකිය.

( උපුටා ගැනීමකි.. )