අලු විහාර පුණ්‍ය භූමියේ ඉදි කෙරෙන 'ත්‍රිපිටක සංරක්ෂණ මන්දිරය' වෙසක් පොහෝදා සම්බුද්ධ ශාසනයට , පුජා කෙරෙයි..
Sunday, 19 May 2024 - 8:01 | Views - 429
ශ්‍රී ත්‍රිපිටක වස්තූන් චිරාත්කලක් සුරක්ෂාකොට තැබීමේ අදිටනින්, ආසියානු මාධ්‍ය ජාලයේ ගරු සභාපති රේනෝ සිල්වා මැතිඳුන් විසින් රුපියල් ලක්ෂ 400ක් ඉක්ම වූ පිරිවැයක් දරමින් ඉදි කෙරෙන'ත්‍රිපිටක සංරක්ෂණ මන්දිරය' සම්බුද්ධ ශාසනයට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවය එළැඹෙන වෙසක් පොහෝ දා (23) පැවැත්වීමට නියමිතයි.ඓතිහාසික මාතලේ අලු විහාර පුණ්‍ය භූමියේ ඉදි කෙරෙන මෙම 'ත්‍රිපිටක සංරක්ෂණ මන්දිරය' ශාසනයට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයට සමගාමීව ඓතිහාසික මාතලේ අලු විහාර චෛත්‍යරාජයාණන් වහන්සේ සුවඳ දුමින් පුදා, නෙළුම් මල් ලක්ෂයකින් පුෂ්පෝපහාර දක්වා, විචිත්‍ර ෂඩ්වර්ණ විදුලි ආලෝකයෙන් නැහැවීමට ද කටයුතු යොදා තිබෙනවා.

Share This Article