තද වැසි සහ සුළං පිළිබඳ විමසිල්ලෙන් සිටින්න - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව
Thursday, 16 May 2024 - 15:24 | Views - 403
මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව වර්ධනය වෙමින් පවතින පෙර මෝසම් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපය තුළදී අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර සහ මන්නාරම දිස්ත්‍රික්කවලත් තද වැසි සහ සුළං ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
එමෙන්ම දිවයින වටා මුහුදු ප්රදේශවලද තද සුළං සහ වැසි ඇති විය හැකි බවද සඳහන්.
තවද , පවතින කාලගුණ තත්ත්වයන් පිළිබඳ ධීවර සහ නාවික ප්‍රජාව මෙන්ම ජනතාවද අවධානයෙන් පසුවිය යුතු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළා.
Share This Article