රාජ්‍ය සේවක වැටුප ගැන ඇහෙන අලුත්ම කතාව
Thursday, 16 May 2024 - 13:25 | Views - 748
මෙම වර්ෂයේ ඉදිරි කාලය තුළ රජයේ සේවකයින් සඳහා නැවත කිසිදු වැටුප් වැඩිවීමක් ලබා දීමට හැකියාවක් රජයට නැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.
වෘත්තිය සමිති නියෝජිතයින් ඉදිරිපත් කළ ගැටලු රැසකට විසදුම් ලබාදීමට එකඟත්වය පළ වූ අතර, මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් ලබාදෙන ලෙස සියලු වෘත්තිය සමිති නියෝජිතයින් අමාත්‍යවරයාගෙන් ඉල්ලිමක් කර ඇති පසුබිමකයි මේ පුවත වාර්තා වන්නේ..
සත්ව නිෂ්පාදන හා පශු සම්පත් සංවර්ධන අංශයට අයත් සේවක මණ්ඩල කිහිපයක් නියෝජනය කරන වෘත්තිය සමිති නිලධාරින් සමග ඊයේ(15) දිනය තුළ අමාත්‍යවරයා ඔවුන්ගේ ගැටළු සම්බන්ධව සාකච්ඡා කර තිබුණා..
නැවත රජයේ සේවකයින් සඳහා වැටුප් වැඩිවීමක් සිදුවන්නේ ලබන වසරේ දී බවත්, මෙම වසර තුළ නැවත වැටුප් වැඩිවීමක් සිදු කළහොත් රට ආර්ථික වශයෙන් නැවතත් කඩා වැටීමකට ලක්විය හැකි බවත් අමාත්‍යවරයා අවධාරණය කර තිබුණා..
Share This Article