ගාලු කොටුවට එන ඔබට අලුත් නීතියක්..
Thursday, 16 May 2024 - 10:15 | Views - 264
ගාලු කොටුව , අපේ රටේ ගොඩක් දෙනෙක් යන්න එන්න ආස කරන තැනක්..
ඒ නිසාම ඔබ මේ අලුත් නීතිය ගැන දැනගන්න එක වටීවි..
ගාල්ල කොටුව තුළ ජූනි 1 වන දා සිට එක් පැත්තකට පමණක් රථ වාහන ධාවනය කිරීම (One way) නීතිය ක්රියාත්මක කිරීමට සූදානමක් පවතිනවා..
දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන විසින් මේ බව ප්රකාශ කර තිබෙනවා.. ඊයේ (15) පෙරවරුවේ ගාලු කොටුවේ සංචාරයකට පැමිණි අවස්ථාවේ ඔහු මේ බව සඳහන් කර තිබුණා..
එසේම, ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, දිනකට රථ වාහන දහස් ගණනක් ගාලු කොටුව තුළට ඇතුළු වන බැවින් මෙම තීරණය ගත් බවයි..
තවද මේ තුළින් දැඩි වාහන තදබදය අවම කරගැනීමටත් හැකියාව පවතින බවද සඳහන්..
ගාල්ල වැදගත් සංචාරක උරුමයක් වන අතර, එය රැක ගැනීම පළාතේ ආණ්ඩුකාරයා ලෙස තමන්ගේ වගකීමක් බවත් මෙහිදී ආණ්ඩුකාරවරයා මෙහිදී කියා සිටියා.
Share This Article