අකුණු අනතුරු ගැන වෛද්‍ය උපදෙස්, දෙමාපියන් දැනුවත් වන්න!
Wednesday, 15 May 2024 - 14:44 | Views - 827

මේ දිනවල පවතින අධික වර්ෂාවත් සමග අකුණු අතතුරු සිදුවිම බහුල වී ඇති අතර සිදුවන මරණ සංඛ්‍යාවද ශීඝ්‍ර ලෙස වර්ධනය වී තිබෙනවා.


මෙම අනතුරු හේතුවෙන් සිදුවන ළමා මරණ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති අතර ඒ පිළිබඳව හිරු නිවුස් අපි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරාගෙන් විමසීමක් සිදු කළා.

එහි දී ඔහු සඳහන් කර සිටියේ, පවතින මෙම අයහපත් කාලගුණයත් සමග විදුලි කෙටීම හරහා ඇතිවන කම්පන තත්ත්වයක් හේතුවෙන් කුඩා දරුවන් මෙම අනතුරුවලට ලක්වන බවයි.

මෙම තත්ත්වය ''Lightning injury'' ලෙස හඳුන්වන බවයි ඔහු පැවසුවේ.

එමෙන් ම විදුලි කෙටීම නිසා සෞඛ්‍යට හානි සිදු විය හැකි අතර විශේෂයෙන්ම හෘද වස්තුවට හානි සිදු වීමට ඉඩ කඩ වැඩි බවද වෛද්‍යවරයා සඳහන් කර සිටියා.

වෛද්‍යවරයා පැවසුවේ මේ හරහා හෘදයාබාධ ඇති විය හැකි අතර මොළේට බලපෑම් සිදු වීම හරහා සිහි නැති වීම්, වලිප්පුව වැනි තත්ත්වයන් ඇති වීම් සිදු විය හැකි බවයි.

එමෙන්ම මෙම අනතුරුවලට ලක් වීම තුළින් පේෂීවලට හානි විය හැකි අතර අස්ථි බිඳීමට පවා ලක් විය හැකි බවද, අවසාන වශයෙන් ජීවිතයට හානි සිදු වී මරණය පවා ඇති විය හැකි බවද වෛද්‍යවරයා අවධාරණය කර සිටියා.

වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ, විදුලි කෙටීම ඔස්සේ යම් පුද්ගලයෙකු අනතුරකට ලක් වුවහොත් අදාළ පුද්ගලයාගේ හෘද ස්පන්දනය පිළිබඳව අවධානය යොමු කර ඔහුට කෘතිම ශ්වසනට ලබා දීම හෝ වම් අත පැත්ත යටට එන ලෙස තබා ගනිමින් කඩිනමින් රෝහලක් වෙත රැගෙන යා යුතු බවයි.

වෛද්‍යවරයා දැක් වූ අදහස්,

පවතින වර්ෂාවත් සමග විදුලි කෙටීම සහ විදුලි සැර වැදීම වැඩි වෙලා තියෙනවා. විශේෂයෙන්ම මෙය හදුන්වන්නේ ''Lightning injury'' කියලා. විදුලි කෙටීම නිසා සෞඛ්‍යට හානි වෙන්න වෙන්න පුළුවන්. විශේෂයෙන්ම හෘද වස්තුවට. හෘද වස්තුවේ වේගය වැඩි වෙන්න පුළුවන්, හෘද්‍යබාධ ඇති වෙන්න පුළුවන්, මොළේට බලපෑම් ඇති වෙන්න පුළුවන්, සිහි නැති වීම් හා වලිප්පුව ඇති වෙන්න පුළුවන්. ඊට අමතරව පේෂීවලට හානි වෙන්න පුළුවන් වගේම අස්ථි බිඳන්න පුලුවන්. මෙවැනි හානි ගණනාවක් ඇති වෙන්න පුළුවන් විදුලි කෙටීම අපේ ශරීරයට ආවොත්.. ඒ නිසා අපි ප්‍රවේශම් වෙන්න ඕනේ පුංචි දරුවන් ප්‍රවේශම් කර ගන්න ඕනේ. වහින වෙලාවට කුඩා දරුවන් නිවෙස් ඇතුළෙම තියා ගන්න එළියේ හිටියොත්, පාරේ හිටියොත් විදුලු කෙටීම හරහා හානි වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මරණය පවා සිදු වෙන්න පුළුවන්. අද ඉඳලා මේ තත්ත්වය තවත් වැඩි වෙන්න පුලුවන් විශෙෂයෙන් දරුවන්ට සිදු වන හානිය අවම කර ගමු. දරුවන් පරිස්සම් කරගමු. ඒ වගේම අපිත් පරිස්සම් වෙමු.. මෙම තත්ත්වය යටතේ කවුරුන් හෝ විදුලි කෙටීමෙන් අනතුරකට ලක් වුණොත්, මුලින්ම එම පුද්ගලයා හුස්ම ගන්නවද කියලා බලන්න.. හෘද ස්පන්දනය තියෙනවද කියලා බලන්න.. අදාල පුද්ගලයාට මුව මුව තියා කෘතිම ශ්වසනය ලබා දෙන්න නැත්තම් වම් අත පැත්ත යටට එන විදිහට තියාගෙන ළඟම තියෙන රෝහලයක් වෙත ගෙන යන්න'' 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top