ගිනස් පොතට යන්න හදන , පානදුර තොරණ (Photos)
Wednesday, 15 May 2024 - 12:06 | Views - 593
පානදුර ඓතිහාසික තොරණ සෑම වසරකම සිරිලක සමස්ත ජනතාවගේ නෙත් සිත් ඇද ගන්න මහා නිර්මාණයක් ලෙස ප්‍රචලිතය.

මෙවර එය ලොව මෙතෙක් ඉදි වූ විශාලතම තොරණ ලෙසින් ලෝකයේම අවධානයට ලක් වන අතරේ ගිනස් වාර්තා අතරට ද එක් වන්නට සූදානමින් ලහි ලහියේ ඉදි වෙමින් තිබෙනවා.

අභිමානවත් පානදුර බෞද්ධ පුනර්ජීවන නගරයේ නම ලොවට ගෙන යන්නට පානදුර ජයතිලක මාවතේ ඉදිවෙන එම තොරන් රාජයා උස අඩි අසූ දෙකකට වැඩි ප්‍රමාණයක් සහ පලල අඩි අසූ හයකට වැඩි ප්‍රමාණයකින් යුක්ත වනවා.

එය විදුලි බුබුළු එක්ලක්ෂ දස දහසකට ආසන්න ප්‍රමාණයකින් ද ඒකාලෝක වනු ඇති බවයි සඳහන් වන්නේ.

පානදුර එක්සත් පොදු වෙළද පොළ බෞද්ධ සමිතිය පරිත්‍යාගශීලීන්ගේ ද ආධාරැතිව මෙම ඓතිහාසික තොරන් රාජයා ඉදි කරන අතර, පසුගිය වසරේ (2023) එය ශ්‍රී ලංකාවේ විශාලතම තොරණ ලෙස ද අභිෂේක ලැබීය.

පුවක් කොටන් යොදා ගනිමින් ලංකාවේ දැනට ඉදිකෙරෙන එකම තොරණ ලෙස සැලකෙන මේ සඳහා මෙවර පුවක් ගස් හාරසියයක් පමණ යොදා ගෙන ඇති අතර ඒවා බුලත්සිංහල , යක්කලමුල්ල , මතුගම ආදී ප්‍රදේශවලින් සපයා ගෙන තිබෙනවා.

වෙසක් පුන් පොහෝ දින සිට නන්දිවාණිජ කතා වස්තුව පිලිඹිබු කෙරෙන මෙම දැවැන්ත තොරණ ප්‍රදර්ශණය කිරීම සඳහා පනහකට ආසන්න පිරිසක් මේ දිනවල දිවා රෑ නොබලා වෙහෙසෙමින් සිටින බවද සඳහන්.

මෙවර තොරණේ විදහා දැක්වෙන්නේ නන්දිවානිජ ජාතක කථාවස්තුව යි.

එසේම, මෙවරත් තොරණේ ප්‍රධාන චිත්‍ර ශිල්පියා වශයෙන් කටයුතු කරනු ලබන්නේ, ප්‍රකට කලාකරුවකු වන වර්ණගේ සසිත චතුරංගයි.

තවද, ඇක්‍රලික් තීන්ත යොදා ගනිමින් චිත්‍ර නිර්මාණය කිරීම මෙන්ම පුද්ගල චිත්‍ර ත්‍රිමාණ සිකුවින් භාවිතා කිරීමද මෙහි තවත් විශේෂත්වයකි. 










Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top