මුහුදු ජලයෙන් පහන් දැල්විය හැකි , එකම තැන ? ඒක නම්, ආශ්චර්යයක්.. (Photos)
Wednesday, 15 May 2024 - 9:21 | Views - 543
මේ කියන්න යන්නේ ගොඩක් සුවිශේෂී කතාවක්..

විවිධ ආගමික භක්තිකයන් විසින් සමරනු ලබන, තවත් විශේෂ උත්සවයක වෙනස්ම විදිහේ තොරතුරක් අපට දැනගන්න ලැබුණා..

ඒ මුලතිව් ප්‍රදේශයෙන්..

මුහුදු ජලයෙන් පහන් දල්වන ලෝකයේ එකම කෝවිල ලෙස හැදින්වෙන මුලතිව්, වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ වාර්ෂික පහන් දැල්වීමේ මංගල්ලය ඊයේ(15) ආරම්භ වුණා..

කෝවිලේ භාරකාර පූසාරීවරුන් ඉපැරණි සම්ප්‍රදායට ගරු කරමින් අලුයම මුහුදට ගොස් මුහුදු ජලය ලබා ගැනීමට එදා සිටම භාවිත කරන ස්ථානයෙන් මුහුදු ජලය ලබා ගෙන ඒවා හේවිසි, හොරණෑ සහිත පෙරහැරකින් කෝවිල කරා රැගෙන එනු ලබනවා..

අනතුරුව, එම මුහුදු ජලය කෝවිලේ තබා ඇති විශේෂ මංජුසාවක දමා පහන් දැල්වීම පිණිස බැතිමතුන් අතර බෙදා දෙනු ලබනවා..

පොල්තෙල් වෙනුවට පුරා මාසයක කාලයක් වට්ටාපලෙයි කන්නගි අම්මාන් කෝවිලේ සියලු දෙනාම පහන් දල්වනු ලබන්නේ මුහුදු ජලය උපයෝගී කරගෙනයි..

වට්ටාපලෙයි මුහුදේ එම ස්ථානයේ ඇති ජලයේ යම් රසායන ද්‍රව්‍යයක් අඩංගු නිසා ඒවා ගිනි ඇවිලෙන ස්වභාවයකින් යුතු බව විද්‍යාත්මකව සනාථ වී ඇති අතර, හින්දු ජනතාව දෙවියන්ගේ හාස්කමක් මත මුහුදු ජලයෙන් පහන් දැල්විය හැකි බවට විශ්වාස කරනු ලබනවා.. 









Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top