සාමාන්‍ය පෙළ අවසන් වූ වහා උසස්පෙළට යන්න , කැබිනට් අනුමැතිය
Tuesday, 14 May 2024 - 16:04 | Views - 332

අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ වහාම උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව, උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය කිරීමට ගුරුවරුන්ට ප්‍රමාණවත් කාලයක් සලසා දීමට හැකි වන පරිදි අපොස සාමාන්‍ය පෙළ අවසන් වීමත් සමග පාසල්වල උසස් පෙළ අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.
පසුගිය කොවිඩ් ව්‍යසන සමයේ පාසල් වසා තැබීම නිසා අතපසු වූ අධ්‍යයන කටයුතු හා පාසල් විභාග කාලසටහන යථාවත් කිරීමේ වැඩපිළිවෙළ අනුව මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට එම විභාගය අවසන් වූ වහා ම අපොස උසස් පෙළ පන්ති ආරම්භ කිරීමට සිදු වන බවයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පසුගිය දිනෙක ප්ර්රකාශකර සිටියේ.
මෙවැනි ක්‍රියා මාර්ග ගැනීමේ අරමුණ පාසල් දරුවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ඇති විය හැකි ප්‍රමාදයන් වැනි අනිසි ප්‍රමාදයන් වලක්වාගනිමින් මෙම වසරත් සමග වසර දෙකක කාලයක් තුළ පසුගිය කොවිඩ් සමයේ අතපසු වූ අධ්‍යයන කටයුතු යථා තත්වයට ගෙන ඒම බවයි අමාත්‍යවරයා පවසා සිටියේ.
එම කැබිනට් තීන්දුව පහතින්.
''අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමෙන් පසු එහි ප්‍රතිඵල නිකුත් කිරීම සඳහා විභාග දෙපාර්තමේන්තුවට අවම වශයෙන් මාස තුනකට ආසන්න කාලයක් ගතවේ. මෙම කාලය තුළ සිසුන් පාසල් අධ්‍යාපනයෙන් බැහැරව උසස් පෙළ හැදෑරීම සඳහා යොමුවීමේ ප්‍රවණතාවය අඩුවීමට මෙන්ම එමඟින් විවිධ සමාජ ගැටලු නිර්මාණය වීමටද හේතු වී ඇත. එම කරුණු සැලකිල්ලට ගෙන සිසුන්ගේ කාලය ඵලදායි ලෙස කළමනාකරණය කිරීමට සහ අපොස උසස් පෙළ විෂය නිර්දේශය ආවරණය සඳහා ගුරුවරුන්ට ප්‍රමාණවත් කාලයක් ලබාදීමට හැකිවන පරිදි 2024 වර්ෂයේ සාමාන්‍ය පෙළ විභාගය අවසන් වීමත් සමඟ උසස්පෙළ කටයුතු ආරම්භ කිරීම යෝග්‍ය බව හඳුනාගෙන තිබේ. ඒ අනුව 2023 වර්ෂයට අදාළව 2024 මැයි මස අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා එම විභාගය අවසන් වූ වහාම අපොස උසස් පෙළ පන්ති ආරම්භ කිරීම පිණිස අධ්‍යාපන අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
Share This Article