"චිකිබිල්ලා" යාලෙන් හමුවුණාද..? සමාජමාධ්‍ය කළඹන පුවතේ ඇත්ත නැත්ත එළියට.. (Photos)
Tuesday, 14 May 2024 - 14:37 | Views - 1,243
ශ්‍රී ලංකාවේ ‘චිකිබිල්ලා’ නමැති සත්ත්වයෙක් හමුවී ඇති බවට පළවන වාර්තා අසත්‍ය බවට AFP පුවත් ඒජන්සිය වාර්තා කර තිබෙනවා..

ඔවුන් සඳහන් කරන්නේ, මෙරට ජාතික වනෝද්‍යානයක නිලධාරියකු උපුටා දක්වමින්, 'චිකිබිල්ලා' වැනි සත්ත්වයෙකු පිළිබඳව කිසිඳු තොරතුරක් මෙරටින් වාර්තා වී නොමැති බවයි..

"වඳ වී ගොස් ඇතැයි සිතූ ''චිකිබිල්ලා' වසර 103 කට පසු යාල ජාතික වනෝද්‍යානයෙන් සොයා ගෙන ඇත" යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළකල සටහනක් ඔස්සේ සිදුකළ කරුණු විමසීමකදීයි, AFP මේ බව සඳහන් කර ඇත්තේ..

ඒ අනුව, වඳවී වී ගොස් ඇතැයි ප්‍රකාශ කර ඇති ඩයිනොසෝරයකු වැනි සත්වයා යාල වනෝද්‍යානයෙන් නැවත මතු වූ බවට සමාජ මාධ්‍යවල පළකර ඇති වාර්තා අසත්‍ය බවයි AFP පෙන්වා දෙන්නේ..

රජරට විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය කණිෂ්ක උකුවෙල AFP වෙත පවසා ඇත්තේ, 'චිකිබිල්ලා' නමින් සතෙක් ලංකාවේ නොමැති බවත්, එවැනි සතෙකු ලෝකයේ ද සිටී දැයි සැක සහිත බවයි.. 






Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top