සුවසැරිය ප්‍රතික්ෂේප කළ ඔහුට , අවමංගල රථයේදී පණ ඇවිත්..
Tuesday, 14 May 2024 - 12:03 | Views - 646
මියගියා යයි පවසා සුවසැරියෙන් ගෙන යාම ප්‍රතික්ෂේප කළ රෝගියකු මරණ පරීක්ෂණය සඳහා අවමංගල රථයකින් රෝහලට ගෙන යන අතරතුර පණ ආ අපූරු පුවතක් දකුණු පළාතේ නගරයකින් අසන්නට ලැබෙනවා.

හදිසි අසනීප තත්ත්වයක් නිසා සිහිමූර්ඡා වී සිටි රෝගියකු රෝහලට ගෙන යාම සඳහා නිවැසියෝ සුවසැරිය රථයට දුරකතන ඇමතුමක් ලබා දී තිබෙනවා.

ඒ අනුව, ක්‍රියාත්මක වූ සුවසැරිය ගිලන් රථයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ ඇති අතර, රෝගියා පරීක්ෂා කර බලා ඔහු මියගිය බව සදහන් කර තිබෙනවා.

එසේම , මියගිය අයෙකු සිය රථයෙන් ගෙන යා නොහැකි බවද ඔවුන් සඳහන් කර ඇති අතර,

ඒ අනුව මියගියා යයි කියන තැනැත්තාගේ සිරුර හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා මල් ශාලාවකින් අවමංගල රථයක් ගෙන්වාගෙන රෝහලට රැගෙන යාමට නිවැසියන් කටයුතු කර තිබෙනවා. එසේ ගමන් කරන අතරතුර මියගියා යැයි අවමංගල රථයට දමා සිටි පුද්ගලයා කැස්සක් සමඟ කටින් සෙම පිටකර ඇති අතර,

පසුව මෙය දුටු අවමංගල රථයේ පිරිස මේ තැනැත්තා ජීවත්වනු ඇතැයි සිතා අවමංගල රථයෙන්ම රෝහලට ගෙන ගොස් ප්‍රතිකාර සඳහා රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top