සිරුර බොහෝ කාලයක් සඟවාගෙන පියාගේ විශ්‍රාම වැටුප ලබාගත් දියණියට අවසානයේ අත්වූ ඉරණම..
Tuesday, 14 May 2024 - 11:41 | Views - 530
විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා වසර ගණනාවක් සිට මියගිය සිය පියාගේ දේහය නිවසේ සඟවා තැබූ දියණියක් පිළිබඳව තොරතුරු තායිවානයෙන් වාර්තා වෙනවා.

තායිවානයේ දකුණු නගරය වන Kaohsiung පදිංචි මෙම කාන්තාව වසර 50කට වැඩි කාලයක් තම පියා සමඟ ජීවත් වූ අතර ඇගේ මව ඇගේ පියාට පෙර මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

පසුගිය වසරේ නොවැම්බරයේදී ඇයට දඩයක් නියම වූ විට පොලිසියේ සැකය මුලින්ම මතු වූයේ ඩෙංගු වැළැක්වීමේ රසායන ද්‍රව්‍ය නිවසට ඉසීමට එම නිවස තුළට යෑමට සෞඛ්‍ය බලධාරීන්ට ඇය ඉඩ ලබා නොදුන් නිසයි.

රාජ්‍ය නිලධාරීන්ට නිවස තුළට ඇතුළු වීම දිගින් දිගටම ප්‍රතික්ෂේප කිරීම නිසා බලධාරීන් මෙම කාන්තාව පිළිබඳව සැකයක් ඇතිකරගෙන තිබෙනවා.

නිලධාරීන් කාන්තාව වෙත ගොස් ඇයගේ වයෝවෘද්ධ පියා සිටින ස්ථානය පිළිබඳව ඇයගෙන් ප්‍රශ්න කළ අතර, ඇය මුලින් කියා සිටියේ ඔහු වැඩිහිටි නිවාසයක සිටින බවයි.

පොලිසිය ඇගෙන් දිගටම ප්‍රශ්න කළ විට, ඇය කතාව වෙනස් කර, එම පියා තම සහෝදරයා විසින් විදෙස් රටකට රැගෙන ගිය බවයි ඇය පවසා සිටියේ.

පොලිසිය එම ප්‍රකාශය විමර්ශනය කර සහෝදරයා මියගොස් වසර 50 ක් ගත වී ඇති බව සොයා ගැනීමෙන් පසුව එම කතාව අසත්‍ය බව තහවුරුකර ගත් අතර කාන්තාවගේ පියා තායිවානය හැර ගිය බවට කිසිදු තොරතුරක් ලැබුණේ නැහැ.

ඇගේ පියා ජීවිතක්ෂයට පත් වූ බවත්, ඔහුගේ මරණ සහතිකය ඉදිරිපත් කිරීමට නොහැකි වූ විට, ලේඛනය සඳහා අයදුම් කරන බවත් ඇය ප්‍රකාශකර සිටියා.

වෙනස්වන කතාව දේපල සෝදිසි කිරීමකට තුඩු දුන් අතර, වයෝවෘද්ධ පුද්ගලයෙකුගේ අස්ථි සහිත කළු ප්ලාස්ටික් කුණු බෑගයක් පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.

බෑගයේ ඇටකටු තිබීමෙන් පෙනී යන්නේ මෙම පුද්ගලයා මියගොස් ටික කලක් ගත වී ඇති බවයි.

තායිවාන මාධ්‍ය ආයතනයක් වන Mnews සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අධිකරණ වෛද්‍ය විශේෂඥ Gao Dacheng පැහැදිලි කළේ සිරුරක් ඇටසැකිල්ලක් බවට පත්වීමට සාමාන්‍යයෙන් වසරක් හෝ දෙකක් ගත වන බවයි.

කාන්තාවගේ පියා වසර 20 කට වැඩි කාලයක් සේවය කළ හමුදා ප්‍රවීණයෙකු වූ අතර එයින් අදහස් කරන්නේ ඔහුගේ නිලය සහ සේවා ඉතිහාසය අනුව ඔහුට මාසික විශ්‍රාම වැටුපක් ලැබුණු බවයි.

මෙම කාන්තාව සිය පියාගේ සිරුර සඟවා තැබීමට අමතරව තවත් අපරාධයක් සිදුකර ඇත්ද යන්න සොයා බැලීම සඳහාත් මෙම පුද්ගලයාගේ මරණයට හේතුව පිළිබඳවත් පොලිසිය පරීක්ෂණ පවත්වනු ලබන්වා.

තායිවානයේ, මළ සිරුරකට හානි කිරීම, අතහැර දැමීම, අපහාස කිරීම හෝ සොරකම් කරන පුද්ගලයින්ට වසර පහක සිර දඬුවමක් නියම කළ හැකියි.

සෘජු ඥාතියෙකුගේ හෝ සමීපතම පවුලේ සාමාජිකයෙකුගේ මළ සිරුරට එරෙහිව එම අපරාධ සිදු කරන්නේ නම්, දඬුවම 1.5 ගුණයකින් වැඩි කළ හැකි බවයි සඳහන් වෙන්නේ.

කාන්තාවගේ මානසික සෞඛ්‍යය දුර්වල මට්ටමක පවතින අතර ඇය ආරක්‍ෂාව යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටින්නේ. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top