''මේක එකපාරක් දෙපාරක් වුණු දෙයක් නෙමෙයි.. ''සැලසුමකට අනුව සියල්ල සිදුවූ හැටි සුසිත්ගේ පෙම්වතිය හෙළි කරයි..
Tuesday, 14 May 2024 - 9:13 | Views - 1,965
ඇය මේ සිද්ධියේ 9 වන සැකකාරියයි..

තවමත් සිදුවූයේ කුමක්ද යන්න නිශ්චිත වශයෙන් තහවුරු කරගන්න බැරි වුණත්, හිතනවාට වඩා දුරක් ගිහින්..

කුලියාපිටියේ සුසිත් ජයවංශ නැමති තරුණයා ඝාතනය කිරීමට සිය නිවසට ගෙන්වා ගෙන ඇත්තේ ඔහුගේ පෙම්වතිය විසින් බව අධිකරණයේදී ඊයේ (13) අනාවරණය වුණා..

ඒ ඇයව සිද්ධියේ 9 වන සැකකාරිය ලෙස නම් කළ විට මහේස්ත්‍රත්වරයා නැගූ ප්‍රශ්නයකට පොලිසිය ප්‍රතිචාර දැක්වූ අවස්ථාවේදීයි..

අදාළ තරුණිය, සිද්ධිය වූ බව කියන දිනයේ දුරකතන ඇමතුමක් ලබා දී තරුණියගේ නිවසට කැදවා ඇති බව දුරකතන විශ්ලේෂණ වාර්තා මගින් අනාවරණය වී ඇති බව පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා..

මෙහිදී 18 හැවිරිදි තරුණිය සහ ඇගේ පියා වන සිගිති නැමැත්තා ඇතුළු සෙසු සැකකරුවන් අට දෙනාද ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත්ගේ නියෝග කරනු ලැබුවේ..

අදාළ තරුණිය මීගමුව ප්‍රදේශයේ ඥාති නිවසක සැගව සිට දින 20කට පසුව පොලිසියට භාර වීමෙන් පසු පසුගියදා (12) අත්අඩංගුවට ගැණුනා..

වයස අවුරුදු 15 සිට ඔහු අවස්ථා රැසකදී තමන්ව බියගන්වා දූෂණයට ලක්කළ බවයි ඇය එහිදී පොලිසිය හමුවේ ප්‍රකාශ කර ඇත්තේ..

අත්අඩංගුවට ගත් මෙම තරුණිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කර තිබෙනවා.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top