දික්කසාදයට මග පාදන අමුතුම හේතුව , දැනුවත් වෙලා විවාහය රැක ගන්න..
Sunday, 12 May 2024 - 10:23 | Views - 534
කොළඹට නුදුරු අධිකරණ ශාලාවකි. අධිකරණ කටයුතු ආරම්භ වීමට ආසන්නය.

එක්තරා තරුණියක් සිය දරුවා ඇකයේ තබාගෙන නීතිඥවරයකු අසල සිටියි. විටෙක ඇය ප්‍රකෝපකාරීය. විටෙක ඇය හඬන්නීය. ඒ අසල පුටුවක තවත් රූමත් තරුණියකි. ඇය සිටින්නේ වැඩිමහල් කාන්තාවක් සමඟය. ඒ සිටින්නේ ඇගේ මව බව ඔවුන්ගේ කතා බහින් වැටහිණි.

අධිකරණ කටයුතු ආරම්භ වීමට මත්තෙන් නීතිඥවරුන්ගේ කවුන්ටර් අසලට එන තරුණ තරුණියෝ සිය අවනඩු නීතිඥවරුන්ට කියාපාති. මේ අතර මැදිවයසේ අයද සිටිති. දික්කසාද යන්න මෙරටට හෝ ලෝකයට අලුත් දෙයක් නොවේ. නමුත් මෙය ඊට හාත්පසින් වෙනස් කතාවකි.

අද වන විට දිනකට දික්කසාද වීම් තුන්සීයකට අධික සංඛ්‍යාවක් අපේ අධිකරණවලින් වාර්තා වන බව ඔබ නොදන්නවා විය හැකිය. සැබෑව එයය. නමුත් 2015ට පෙර මෙරට වසරකට වාර්තා වී ඇත්තේ දික්කසාද දහසකටත් අඩුවෙනි.මෙම දික්කසාද නඩුවලින් බහුතරයක් ගොනුවී ඇත්තේ බිරියගේ පාර්ශ්වයෙන් කෙරුණු ඉල්ලීම මතය.

එසේම නීති උපදෙස් ලබන අයගෙන් බහුතරය කාන්තාවෝය. ඒ සියයට අසූවක පමණ ප්‍රතිශතයකි. ඔවුහු විවිධ වයස් මට්ටම්වලට අයත් වූවෝය. කාන්තා පාර්ශ්වය නීති උපදෙස් පැතීම අද එක්තරා ආකාරයක සංස්කෘතික විලාසිතාවක් වී ඇත. තත්ත්වය ඛේදනීය වන්නේ ඒ නිසාය. මෙම සංස්කෘතික ලක්ෂණය බහුලව දැකිය හැක්කේ මෙරට ඉහළ යැයි පිළිගන්නා සල්ලිකාර පවුල් අතරය.

වර්තමානය වන විට මේ තත්ත්වයට බහුල වශයෙන් මුහුණදී සිටින්නේ විවාහ ජීවිතයේ සිවු වසරක්වත් අත්දැකීම් නැති අය වීමද විශේෂත්වයකි.

කිරි දෙන දරුවන් සිටින මවුවරුන් පවා අධිකරණ වෙත පැමිණෙන්නේ දික්කසාද වීමටය. දරුවන් දෙන්නා, තුන්දෙනා සිටින පවුල්වල ඉරණමද අද එසේ විසඳෙමින් තිබේ.

මෙම දික්කසාද පලහිලව්වට ප්‍රධාන හේතු කිහිපයක් හ¾දුනාගෙන තිබේ. ආදරය, සෙනෙහස, අනෙකාට ගරු නොකිරීම, නැන්දම්මා ලේලි ප්‍රශ්නය, අනියම් සම්බන්ධතා ආදිය ඒ අතර වේ.

“අද ඉන්නෙ අලුත් පරම්පරාවක්. එයාලා අනෙකාට ගරු කරන්න ඉගෙනගෙන නැහැ. ඉවසීමක් නැහැ. එනිසා තමයි මේ ප්‍රශ්නය මේ තරම් දිග්ගැස්සිලා තියෙන්නේ” එක්තරා නීතිඥවරයකු මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුවේ එලෙසිනි.

දික්කසාදවලට ප්‍රබලම හේතුව වී ඇත්තේ පුරුෂයාගේ පැත්තෙන් ඇති වී තිබෙන විවිධ දුර්වලතාය. මීට වසර කිහිපයකට ඉහතදී අනියම් සබඳතා වැඩි වශයෙන් වාර්තා වී තිබිණි. නමුත් දැන් අනියම් ප්‍රේමය ඩිජිටල්කරණය වී ඇති බව පෙනේ.

“මෑතක මං ගාවට ආවා ලස්සන තරුණියක්. කොළඹ ලොකුම හෝටලේක තමයි මේ මෑතක ඔවුන්ගේ විවාහ මංගල උත්සවය තිබිලා තියෙන්නේ. රටේ ප්‍රධාන පෙළේ අයත් ඊට සහභාගි වෙලා තියෙනවා. ඒත් ඇය සිය ස්වාමියාගෙන් දික්කසාද වෙන්න ඉල්ලනවා. දැන් අපි නඩුව කතා කරගෙන යනවා. ඒකට හේතුව තමයි ඇයගේ ස්වාමිපුරුෂයා සමාජ මාධ්‍ය ඔස්සේ හදුනාගත් කාන්තාවක් සමඟ නිරුවත් වීඩියෝ ඇමතුම් දිගින් දිගට ලබා ගැනීමය.” මේ ගැන කතා බහේදී අපට මේ හමු වූ තවත් නීතිඥවරයකු කී කතාවකි.

facebook, instagram, tik tok, messenger යනාදී සමාජ මාධ්‍ය ඔස්සේ අද වන විට අනියම් සබඳතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් තිබේ. ඒවා දුර දිග ගොස් මෙලෙස හමාර වන බව අපට මෙම කතාවේදී පෙනී යයි.

“ඔය සම්බාහන මධ්‍යස්ථානයකට, ගණිකා මධ්‍යස්ථානයකට යන නැත්නම් ගණිකාවකගේ ඇසුරක් ලබන පුරුෂයෙක් කවදාවත් සිය පවුල් ජීවිතය දික්කසාද වීම දක්වා දුර දිග ගෙන යන්නේ නැහැ. මොකද ඔහු ඒක කරන්නේ හොරෙන්. ඔහු තමාගේ ලිංගික ආශාවක් එලෙස හොරෙන් සංසිඳවාගෙන සිය පවුල් ජීවිතය අඛණ්ඩව ගෙනයන්න උත්සාහ දරනවා. ඒත් දැන් තත්ත්වය ඊට වඩා සෑහෙන්න වෙනස්. අපිට එන දික්කසාද නඩුවල දැන් ගොඩක්ම තියෙන්නේ Whatsapp වගේ සමාජ මාධ්‍ය ඔස්සේ ගොස් සිදුකරන නිරුවත් ඡායාරූප හුවමාරුව, නිරුවත් වීඩියෝ හුවමාරුව ආදී කාරණා. මේවට ඇතැම් පිරිමින් වගේම ඇතැම් කාන්තාවන් ඇබ්බැහි වෙලා තියෙනවා. පස්සෙ දෙපාර්ශ්වයට මෙය හසු වුණාට පස්සේ ඔවුන්ගේ පවුල් තුළ ආරවුල් හටගන්නවා. ඒවා කෙළවර වෙන්නෙ දික්කසාදයෙන්” යැයි මේ ගැන කරුණු හෙළිකළ තවත් නීතිඥවරයෙක් අපට කීවේය.

බාලවයස්කාර දැරියන් කාමාතුරයනට අලෙවි කිරීමේ ජාවාරම්වලට අදාළව මීට කලකට ඉහතදී තහනම් කෙරුණු ඇතැම් ප්‍රසිද්ධ කාමුක වෙබ් අඩවි යළිත් ක්‍රියාත්මක වෙමින් ඇති බව මෙහිදී අපට දැන ගන්නට ලැබිණි. ඇතැම් නීතිඥවරුන්ට සේම මනෝ උපදේශකවරුන්ට එම වෙබ් අඩවිවල නම් කියාගෙනම සිය සේවාදායකයා පැමිණෙන තත්ත්වයක් නිර්මාණය වී ඇති බවද ඔහු කීවේය.

“සමහර ප්‍රසිද්ධ වෙබ් අඩවි තියෙනවා ඒවට ගිහින් විනාඩි පහේ විනාඩි දහයේ සිට පැයකට අධික කාලයක් පුරා කාන්තාවන් සමඟ එක්ව වීඩියෝ ඇමතුම් ඔස්සේ ලිංගික ක්‍රියාකාරකම්වල නිරත වෙන. රුපියල් පන්සීයේ, රුපියල් දහසේ සිට රුපියල් දස දහසක් දක්වා ඒවායේ මිල නියම වෙනවා. ඇතැම් පිරිමින් මෙම වීඩියෝ තම ජංගම දුරකථනවල පටිගත කරගන්නවා. ඒවා බිරියට හසු වුණාට පස්සේ පවුල් ආරවුල් ඇති වෙනවා. එහෙමත් සිද්ධි කිහිපයකට මම මේ දවස්වල මනෝ උපදේශන සේවාව සපයනවා” යැයි මේ තත්ත්වය පිළිබඳව දන්නා තවත් මනෝ උපදේශකවරයෙක් අපට පැවැසීය.

“දැන් ලංකාව ඇතුළේ සෑහෙන්න විකෘති ලිංගික ක්‍රියාකාරකම් සිද්ධ වෙනවා. සිය බිරියව වෙනත් අයකුට ලබාදී ඇය ඔහු සමඟ එකට ගත කරන ආකාරය බලා සතුටු වන පිරිමි ඉන්නවා.'' මේ පිරිමින් නිසා සියදිවි නසා ගැනීමට කටයුතු කරන කාන්තාවන්ගේ අමිහිරි කතාද මනෝ උපදේශකවරයා අපට හෙළි කළේය.

ඇතැම් කාන්තාවන්ට අද සිදු වී ඇත්තේ සිය ස්වාමියා සේම ඔහුගේ තවත් මිතුරකු සමඟ එකට යහන්ගත වීමටය. එවැනි ඛේදනීය තත්ත්වයන් නිසා අසරණ වූ කාන්තාවන් ගැනද මෙම කතාවේදී අපට තොරතුරු වාර්තා විය.

මේ සියල්ලම විකෘති ලිංගික ආශාවන් නිසා ඇතිව ඇති කවුරුත් දන්නා ප්‍රසිද්ධ රහස්ය.

මෙම දික්කසාද වර්ධනය වීමේ තත්ත්වය අප සාකච්ඡාවට බ¾දුන් කළ යුතු වන්නේ දැනටමත් මෙය සමාජ ප්‍රශ්නයක් වී ඇති නිසාය.

“අද වෙනකොට සමහර පවුල් ප්‍රශ්න තියෙන කාන්තාවන් හොඳ පවුලක් ගෙන යන පිරිමින් සමඟ යහළු වෙන්න හදනවා. සමහර කාන්තාවන් දික්කසාද නඩු දාපු අය. ඔවුන්ගේ ලිංගික ආශාවන් සපුරා ගන්න තමයි ඔවුන් මේ වැඩේ කරන්නේ. ඔවුන් බලන්නේ යහපත් පවුල් ජීවිතයක් ඇති අයෙක් මෙහි ගොදුරක් බවට පත් කරගන්නයි. එවැනි අයෙක් ඔහුගේ විශ්වාසය රකින නිසා තමයි ඔවුන් මීට වැඩි වශයෙන් පුරුදුව ඇත්තේ. මේ තත්ත්වය මෙසේ වර්ධනය වුවහොත් රටේ පවුල් පද්ධතිය විනාශ වෙලා යනවා” යැයි මනෝ උපදේශකවරයා පෙන්වා දුන්නේය.

මේ අතර එක වහලක් යට කායිකව සහ මානසිකව දික්කසාද වූවන්ගේ ප්‍රතිශතයද අද වන විට ඉහළ ගොස් ඇති බව මනෝ උපදේශකවරු පෙන්වා දෙති. විවිධ කායික සහ මානසික ගැටලු මෙන්ම ලිංගික ගැටලු මීට ප්‍රධාන ලෙස බලපා ඇති බව ඔවුහු පෙන්වා දෙති.

මෙම ලිපිය කියවන ඔබට මීට පෙර සිතෙන්නේ දික්කසාදවලට බොහෝ සෙයින් බලපානුයේ ආර්ථික තත්ත්වය යන්නයි.

ජනගහනය වැඩි වශයෙන් සිටින කොළඹ, කළුතර, ගම්පහ දිස්ත්‍රික්කයන්ට අමතරව ගාල්ල, මාතර, කුරුණෑගල, නුවර ආදී ප්‍රදේශයන්ගෙන්ද වැඩි වශයෙන් දික්කසාද නඩු වාර්තා වේ.

- චාමර අමරසූරිය
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top