ලෝක මව්වරුන්ගේ දිනය අද යි..
Sunday, 12 May 2024 - 7:29 | Views - 708
ගෙදර බුදුන් අම්මා ලොව වදනින් අරුත් ගැන්විය නොහැකි වටිනාම වස්තුවයි.

අම්මා නොසිටින්නට අපේ ජීවිතය පවතීද යන්න පවා අවිනිශ්චිත නොවේද?

දරු සෙනෙහස මහමෙරටත් වඩා දරාගෙන ඒ වෙනුවෙන් ජීවිතයම කැප කළ අම්මාගේ ගුණ සුවද මෙදියත දසත විසිරෙන්නේ කිසිදිනෙක කිසිවකට සම කළ නොහැකි ලෙසින්.

අම්මා සමරන්නට දින අවැසි නොමැති බව අප සදා සිහිපත් කළත්, අද සැමරෙන ලෝක මව්වරුන්ගේ දිනයේ ඉතිහාසය 1912 වසර දක්වා ඈතට දිව යනවා.

සෑම වසරකම මැයි මාසයේ දෙවන ඉරිදා දිනය අම්මාවරුන්ගේ දිනය ලෙස සැමරෙන අතර, ඇතැම් රටවල් මෙය හඳුන්වන්නේ මව්වරුන්ගේ ඉරිදාව ලෙසයි.

උපන් දා සිට අම්මා ජීවිතය කරගත් අපටත්, මව්වරුන්ගේ දිනයේ වැදගත්කම කියන්නට සිදුව ඇත්තේ අදවත් අම්මාගේ ගුණ සිහි නොවන අල්පයක් වූ දරුවන් සිටින නිසාවෙන්.

ලොව හිරු කිරණින් සහ අම්මාගේ රුධිරයෙන් ජීවය ලබද්දී මව් සෙනෙහස අතරමග තනිකර දමන දරුවන් අදවත් අම්මාගේ මහිමය සිහි කර ඇය දිවි දෙවෙනි කොට සුරක්ෂිත කරයි නම්, එය ලොව පැවැත්ම තවත් දිගු කරනවා නියතයි.

මව්වරුන්ගේ ඉරිදාව පමණක් නොව ලොව අප හුස්ම ගන්නා සෑම තත්පරයක්ම අම්මාට අයිති බවද සිහිපත් කළ යුතුමය. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top