කෝටිපතියා විවාහක කත රවටා , අමුතුම ගේමක් ගහලා..
Thursday, 09 May 2024 - 11:36 | Views - 586

ඒ හමුවීම වෙලා තියෙන්නේ තවත් අහම්බයකින්.. ඇය විවාහක කාන්තාවක් කියන එකත් ඔහු දැනගෙන ඉඳලා..

වට්ස්ඇප් පණිවිඩයකින් දුර දිග ගිය කතාව මෙහෙම තැනකින් කෙළවර වේවි කියලා ඇය හීනෙකින්වත් හිතන්නේ නැතුව ඇති..

මේ කියන්න යන්නේ කවුරුත් නොසිතන ඒ සිදුවීම ගැනයි.. ඔහු ප්‍රබල ව්‍යාපාරිකයෙක්.. ඒ වගේමයි ඔහු සතු මිල මුදල්වලට තරුණියන් ලේසියෙන් නතු කරගන්නත් ඔහු රුසියෙක්..

ඒත් මේ සෙල්ලම් ඔක්කොම අවසානයේදී පොලිස් දැලට හසු වෙලා.. ඉහළ වැටුපක් ලබාදී විධායක තනතුරකට පත්කරන බවට පොරොන්දු වී සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවාගත් තරුණ විවාහක කාන්තාවකට බරපතළ ලිංගික අපයෝජනයක් කළ පුවතක් කොල්ලුපිටිය ප්‍රදේශයෙන් වාර්තා වෙනවා..

වට්ස්ඇප් ඔස්සේ එම ව්‍යාපාරිකයා පැමිණිලිකාර කාන්තාව හඳුනාගෙන ඇති බවත් සම්මුඛ පරීක්ෂණය සඳහා පැමිණෙන ලෙසට ඔහු කළ දැනුම්දීමක් අනුවයි ඇය මොහු මුණගැසීමට පැමිණ ඇත්තේ..

එම තරුණ විවාහක කාන්තාව ඇගේ සැමියා සමග කොල්ලුපිටිය ප්‍රදේශයේ සුඛෝපභෝගි මහල් නිවාස සංකීර්ණයක පිහිටි නිවසකට ගොස් ඇත්තේ පෙර ඇයට කළ දැනුම්දීමකට අනුව බවයි පොලිසිය අධිකරණයට කියා ඇත්තේ..

පසුව ඇගේ සැමියාව පහත මාලයේ රඳවා තරුණ විවාහක කාන්තාව උඩුමහලේ පිහිටි කාමරයකට ගෙන ගොස් එකී අපරාධය සිදුකළ බවටද ඇය පොලිසිය හමුවේ පවසා තිබුණා..

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන සඳහා අවශ්‍ය දුරකථන විශ්ලේෂණ වාර්තා විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙසට කොටුව මහේස්ත්‍රාත්වරයා දුරකථන සමාගම් කිහිපයකට නියෝග කර තිබුණා.. 


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top