ඩයනාගෙන් හිස්වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට මුජිබර්
Wednesday, 08 May 2024 - 14:01 | Views - 478
ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අහෝසි කිරීමත් සමඟ ඩයනා ගමගේ දැරූ සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට මුජිබර් රහුමාන් පත් කිරීමට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස තීරණය කර තිබෙනවා.
මුජිබර් රහුමාන් පසුගිය මැතිවරණයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ අතර, පළාත් පාලන මැතිවරණයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස තරග වැදීම සඳහා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමට ඔහු තීරණය කර තිබුණා.
Share This Article