උසස් අධ්‍යාපනයට රට යන්න ඉන්න ඔයාට , විශේෂ දැනුම්දීමක්..
Wednesday, 08 May 2024 - 12:35 | Views - 250
ඔස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා පැමිණෙන ජාත්‍යන්තර සිසුන්ට සිය වීසා ලබාගැනීමට ඔවුන් සතුව තිබිය යුතු ඉතුරුම් මුදල යළි ඉහළ දැමීමට එරට බලධාරීන් කටයුතු කර තිබෙනවා.
ඒ අනුව, මැයි 10 වැනිදා සිට ජාත්‍යන්තර සිසුවෙක් ඔස්ට්‍රේලියානු වීසා සඳහා අයැදුම් කිරීමට සිය ඉතුරුම් ගිණුමේ ඔස්ට්‍රේලියානු ඩොලර් 29,710 ($19,576)ක් ඇති බවට තහවුරු කළ යුතුයි.
පසුගිය ඔක්තෝබර් මාසයේදී එම මුදල ඔස්ට්‍රේලියානු ඩොලර් 21,041 සිට 24,505ක් දක්වා ඉහළ දැමුණා.
ජාත්‍යන්තර මාධ්‍ය පවසන්නේ, ඔස්ට්‍රේලියාව මෙම තීරණය ගෙන ඇත්තේ එරටට පැමිණෙන සංක්‍රමණයිකයින් සංඛ්‍යාව අඩු කිරීමට බවයි.
Share This Article