මෙරට කතුන් ගැන සතුටුදායක පුවතක්..
Wednesday, 08 May 2024 - 8:36 | Views - 575
මෙරට කාන්තාවන්ගේ ආයු කාලය අවුරුදු 83ක් දක්වා වැඩි වී ඇති බව සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.

ඊයේ (07) කොළඹදී පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව පවසා සිටියා.

"අද ලංකාවේ මරණ වලින් 89%ක් පිළිකා, හෘද රෝග, පෙණහළු රෝග සහ දියවැඩියාව යන බෝ නොවන රෝග නිසා සිදුවෙනවා.එයිනුත් වැඩි මරණ ප්‍රමාණයක් සිදු වන්නේ හෘද වස්තුවේ රෝග සහ ආඝාතය නිසා.වසරකට 60,000ක් පමණ ආඝාතයට ලක්ව 4,000ක් පමණ මියයනවා.මෙම රෝග වලින් වැළැකීමේදී කාරණා 04ක් ගැන දැනුවත් විය යුතුයි. එනම් දුම්පානය, මධ්‍යසාර භාවිතය, අධික ලෙස සීනි, ලුණු භාවිතය සහ ව්‍යායාම නොකිරිම.පසුගිය ශතවර්ෂය තුළ ලෝකයේ මිලියන 100ක් දුම්පානය නිසා මරණයට පත්වෙලා.ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි මෙම ශතවර්ෂය තුලද එම ප්‍රවණතාව පැවතුන හොත් බිලියනයක් දුම්පානය නිසා මරණයට පත්වනු ඇති.ලෝකයේ වසරකට මිලියන 10ක් පමණ දුම්පානය නිසා මරණයට පත්වෙනවා.ව්‍යායාම නොකිරිම නිසාම මිලියන 1.4ක් පමණ ලෝකයේ මරණයට පත්වෙනවා.අප රටේ සියයට 46ක් පමණ කාන්තාවන් බර වැඩියි. ඒ වගේම පාසල් යන දරුවන් සියයට 10ක් පමණ බර වැඩියි.මෙරට සෞඛ්‍ය සේවාව කළාපයේ හොදම සෞඛ්‍ය සේවාවක්. අවම මාතෘ හා ළදරු මරණ අනුපාතිකයක් තිබෙන රට. කාන්තාවන් සදහා ආයු කාලය අවුරුදු 83ක් දක්වා වැඩි වෙලා. එය ඇමරිකාවටත් වඩා ඉහළින්. මේ සියල්ලටම හේතුව ප්‍රාථමික සෞඛ්‍ය සේවාවේ ශක්තිමත්භව" යැයි ද ඔහු පවසා තිබෙනවා. 

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top