මනුස්සකම අද නෑ , බලන්නකෝ පාර මැද්දේ මනුස්සයෙක්ට වෙලා තියෙන දේ..
Tuesday, 07 May 2024 - 15:11 | Views - 294
මනුස්සකම අද නෑ , බලන්නකෝ පාර මැද්දේ මනුස්සයෙක්ට වෙලා තියෙන දේ..
මේ පුවත වාර්තා වෙන්නේ හඳපානාගල ප්‍රදේශයෙන්
වැල්ලවාය - තණමල්විල ප්‍රධාන මාර්ගයේ හඳපානාගල, සෝමියල් හංදිය ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින් පුද්ගලයෙක් අද උදෑසන ජීවිතක්ෂයට පත්ව තිබෙනවා..
මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වාහනයක ගැටීමෙන්.. මෙම අනතුර සිදු කළ රථය එම ස්ථානයෙන් පළාගොස් ඇතැයි පොලිසිය පවසනවා..
අනතුර සිදුවීමෙන් පසු මාර්ගය මත තිබියදී එම මළ සිරුර මතින් තවත් වාහන කිහිපයක්ම ධාවනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ..
ඒ හේතුවෙන්, මළ සිරුර හඳුනාගත නොහැකි ආකාරයෙන් කැබලිවලට වෙන් වී තිබෙනවා..
කෙසේ වෙතත්, පසුව පොලිසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, මෙම අනතුරින් ජිවිතක්ෂයට පත්ව ඇත්තේ අලුගල්ගේ ප්‍රදේශයේ පදිංචිව සිටි 43 හැවිරිදි තිදරු පියෙක් බවයි..
අනතුර සිදුකළ රථය සම්බන්ධයෙන් මේ වන තෙක් කිසිදු තොරතුරක් නොමැති අතර වැල්ලවාය පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා..
Share This Article