අතුරුදන්ව සිටි කුලියාපිටියේ තරුණයාගේ සිරුර සොයා ගැනෙයි
Tuesday, 07 May 2024 - 11:01 | Views - 644
සිය 18 හැවිරිදි පෙම්වතිය මුණ ගැසීමට කුලියාපිටිය නිවසට ගොස් අතුරුදන් වී සිටි කුලියාපිටියේ තරුණයාගේ සිරුර හමු වී තිබෙනවා.
ඒ හලාවත මාදම්පේ කැලෑවක තිබියදී බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව සඳහන් කළේ.
එසේම, පසුගියදා සිදුවූ අදාළ සිදුවීමෙන් පසු තරුණයාගේ අතුරුදන් වීමේ සිදුවීමට අදාළව ප්‍රධාන සැකකරුවෙක් ලෙස හඳුනා ගෙන ඇති ''සිඟිති ''නැමති පුද්ගලයා ඊයේ ( 06) නීතිඥයින් මාර්ගයෙන් අධිකරණය වෙත භාර වුණු අතර,
එහි දී කුලියාපිටිය මහෙස්ත්‍රාත් රන්දික ලක්මාල් නියෝග කර ඇත්තේ, සැකකරු ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙසයි.
Share This Article