ඔබත් ජංගම දුරකතනයෙන් බැංකු සේවා ලබන්නෙක් නම්, ප්‍රවේශම් වන්න..
Tuesday, 07 May 2024 - 10:35 | Views - 769
ශ්‍රී ලංකාවේ ජංගම බැංකු භාවිතා කරන්නන්ට ඔවුන්ගේ දුරකතන හයිජැක් කර, බැංකු ගිණුම් අත්පත් කර ගන්නා හැකර්වරුන් පිළිබඳව ශ්‍රී ලංකා බැංකු සංගමය Lanka Pay සහ FinCSIRT අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම ඒකාබද්ධ නිවේදනය නිකුත් කරමින් ඔවුන් සඳහන් කරන්නේ, ජංගම දුරකතන පරිශීලනය කරන ගනුදෙනුකරුවන් විසින් නොදැනුවත්ව තමන් නොදන්නා සබැඳි (links) මත ක්ලික් කිරීම හා වංචා සහගත යෙදුම් (apps) සහ ගොනු (file) බාගත කිරීම (download) ආශ්‍රිතව ගෝලිය හා හේශීය වශයෙන් සිදුවන මූල්‍ය වංචාවන්ට අදාළ සිදුවීම් කිහිපයක් පිළිබඳව ඔවුන් වෙත තොරතුරු ලැබී ඇති බවයි.

එබැවින් ජංගම දුරකතන උපාංග සඳහා ප්‍රවේශ වීමේ අවස්ථා වංචාකරුවන් විසින් ඉහත ආකාරවලින් සලසා ගන්නා බවත්, එමගින් අදාළ උපාංග දුරස්ථව පාලනය කිරීමේ හැකියාව ඔවුන් අත්පත් කර ගන්නා බවත් පවසන එම නිවේදනය වැඩිදුරටත් සඳහන් කරන්නේ, අන්තර්ගත බැංකු / ගෙවීම් යෙදුම් (payment apps) වෙත ඔවුන්ට පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව උදා කර ගන්නා බවයි.

එසේම ඒ තුළින් බැංකු ගිණුම් සහ ගෙවීම් කාඩ්පත් තොරතුරු ලබා ගනිමින් ඒවා වංචනිකව භාවිත කට මුදල් සොරකම් කිරීමට අදාළ කණ්ඩායම් කටයුතු කරන බවත් එම ඒකාබද්ධ නිවේදනය මගින් පවසනවා.

එබැවින් එවැනි තත්ත්වයන්ගෙන් බේරීම සඳහා පහත මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙස ශ්‍රී ලංකා බැංකු සංගමය සමග අදාළ ඒකාබද්ධ නිවේදනය නිකුත් කරන අනෙකුත් ආයතන ඉල්ලා සිටිනවා.

එම මාර්ගෝපදේශ පහත නිවේදනයේ සඳහන්,  

No description available.




Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top