තණකොළ මත ඇවිදීම, ශරීරයේ සියලු රෝග සුවකරන බව දන්නවානම් ඔබ පුදුමයට පත්වේවි..
Friday, 03 May 2024 - 10:31 | Views - 657
හුගාක් වෙලාවට අපි අහලා තියෙන දෙයක් තමයි ඇවිදීම කියන්නේ හරිම පහසු වගේම ප්‍රතිපලදායක ව්‍යායාමයක් කියන එක, ඒත් මේ ව්‍යායාමයෙන් සාර්ථකව ප්‍රතිපල ලබා ගන්න නම් ඇවිදීමට සුදුසු මං තීරුවක් තෝරා ගත යුතු වෙනවා.

වයායාම් කිරීමට නම් වඩාත් සුදුසු වන්නේ තණකොළ හෝ වැලි බොරලූ සහිත එබෙන සුලූ ස්තරයක් මොකද සිමෙන්ති හෝ ගල් යොදා සකස් කරගත් මං තීරුවලින් ඔබට සාර්ථක ප‍්‍රතිඵල ලබාගත නොහැකිවෙනවා යාලූවනේ.නමුත් ඔබ තණකොළ, වැලි බොරලූ හෝ කොහු සහිත බිමක ඇවිදිනවා නම් ඔබට මෙවැනි වාසි කිහිපයක්ම අත් විඳින්න හැකි වෙනවා.

*ස්නායු පද්ධතියට උත්තේජනයක් ලබා දෙනවා, විශේෂයෙන්ම ශරීරයේ ස්නායු ආබාධ නිසා ඇග පණ නැති වන අයට වැදගත් වෙනවා.

*දියවැඩියාව, අධික රුධිර පීඩනය හා කොලෙස්ටරෝල් වැනි බෝ නොවන රෝග ඇති අයට යෝග්‍යය වෙනවා. මේ වගේ ආබාධ තියෙනවානම් හරි දන්නා කෙනෙකුට තියෙනවානම් හරි ඔවුන්ව දැනුවත් කරන්න.

*වකුගඩු, අක්මාව ආදී ශරීර පද්ධති හා රුධිර ගමනාගමනය කාර්යක්ෂම කිරීමට උපකාරී වෙනවා.

*තාර මාර්ගයක හෝ සිමෙන්ති බිමක ඇවිදීමට වඩා එබෙන සුලූ තණකොළ වැනි ස්ථරයක් මත ඇවිදීමෙන් දණිස්වලට ඉණට අපහසුතා ඇති නොවෙයි.

*කොන්දේ ඇතිවන ආබාධද අවම කරයි.

*ශරීරය හැඩ කරයි.

*මෙවැනි මං තීරු විටින් විට වෙනස් කරමින් ඇවිදීමත් වැදගත්.
(කඳු ප‍රදේශ බොරලූ පාරක, මුහුදු තීරයක)

*නිතර ඔළුවේ කැක්කුම් හා සිත් වේදනා ඇති අය විනාඩි 10-15ක් අතර කාලයක් හෝ මෙවැනි එබෙනසුලූ තණකොළ ස්තරයක ඇවිදීම වඩාත් යෝග්‍යයි.

*එබෙනසුලූ බව නිසා විළුඹේ ඇගිලි පහම පොළොවට එබී ස්පර්ශ වන නිසා ශරීරයටම උත්තේජනයක් ලැබෙයි.

*තණකොළ බිමකදී නම් ශරීරය අග ලක් පමණ පහළට එබෙන නිසා දණහිස වළලූකර, බෙල්ල හා කොන්ද වැනි ප‍රදේශවල අස්ථි අතර ඇති ජෙල් වැනි කොටසට අස්ථි සැකසීමට පහසුවකි.

*ක්‍රියාකාරී අස්ථිවලට හා රුධිර ගමනාගමනයට පහසුවක් වන නිසා සංවේදී ස්ථානවලට හොඳින් රුධිරය සැපයෙමින් දෑස් පෙනීමටද හිතකර බලපෑමක් ඇති කරවයි.

*ආර්තවය සම්බන්ධ ගැටලූ, වකුගඩු ගර්භාෂ හා හෝමෝන ආශි‍්‍රත රෝග ඇති කාන්තාවන්ට මෙවැනි ස්තරයක ව්‍යායාම කිරීමෙන් වැඩි වාසියක් ගන්න හැකි වෙනවා.

උපුටා ගැනීමකි..


Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
දිවයින පුරා දැනට පවතින වැසි සහිත කාලගුණික...
Hiru Tv Blog
කාංචනා අනුරාධි කියන්නේ ගායන ලෝකයේ ඉන්න අදරණිය ගායිකාවක්.එළිමහන් ප්‍රසංග වේදිකාවක...
Hiru Tv Blog
පුංචි තිරයෙන් මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ලාංකේය ප්‍රේක්ෂක හදවත් දිනාගත් සුන්දර...
Hiru Tv Blog
අමෙරිකානු පොප් ගායිකා ඇෂේ (Ashe) සිය පළමු විවාහයේදී මුහුණ දුන් අමිහිරි අත්දැකීමක්...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධිය එසේත් නැතිනම් AI (Artificial Intelligence) යන නාමය වෙනුවට එය "සුපිරි බුද්ධිය"...
Hiru Tv Blog
චීනය තුළ කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ එරට වෘත්තීය...
Hiru Tv Blog
කෘත්‍රිම බුද්ධි (AI) ඉතිහාසයේ මෙතෙක් වාර්තා නොවූ අන්දමේ දැවැන්ත සහ භයානක සිදුවීමක්...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top